Dec 27, 2011

අසංග සහ කිරාන් රග්බි පුටු වලට නිතරගයෙන්


 
රග්බි නිලවරණය සදහා නාම යෝජනා භාර දීමේ දී එහි සභාපති ධුරයට අසංග සෙනවිරත්න සහ භාණ්ඩාගාරික ධූරයට වත්මන් භාණ්ඩාගාරික කිරාන් අතපත්තු ද නිතරගයෙන් පත් වී ඇත.එම තනතුරු දෙකට කිසිවෙකු නාම යෝජනා භාර දී නැති අතර සෙසු නිලයන් සදහා නිලවරණයක් පැවත්වෙනු ඇත.
වතමන් ලේකම් ෂේන් දූල්ලෑව මෙවර ද ලේකම් ධූරය සදහා තරග වදින අතර මෙවර ඔහු හා තරගයට ඉදිරිපත් වී සිටින්නේ,රිස්වි ඉල්ලියාස් ය.උප සභාපති තනතුර සදහා වර්ථමාන උප සභාපති ලසිත ගුණරත්නට එරෙහිව මොහාන් සමරකෝන් ද තරග වදින අතර නිල වරණය ජනවාරි 7 දා බත්තරමුල්ල වොටර්ස් එජ් හී දී පැවත්වීමට කටයුතු යොදා තිබේ.

No comments: