Dec 30, 2011

විජේකොන් යළි කෙන්යාවට, සචිත් පින්ලන්තයට



ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම මැදි දුර ධාවකයා ලෙස සැළකෙන චමින්ද විජේකෝන් යළි පුහුණුවීම් කටයුතු සදහා අද කෙන්යාව බලා පිටත්ව යාමට නියමිතය.එසේම හෙල්ල වීසිකිරීමේ ජාතික වාර්තාලාභී සචිත් මධූරංග ද ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ අධී ශ්‍රේණීයේ පුහුණු කදවුරේ පුහුණුව සදහා ජනවාරි පළමු වැනිදා පින්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
ගෙවුණූ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 1500 ඉසව්ව විනාඩ් 3 තත්පර 40 සීමාවට පෙර අවසන් කළ පළමු ලාංකිකයා වීමේ භාභ්‍යය ලද චමින්ද,පාදයේ ආබාධයක් නිසා ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිකාර ලබා ගත් අතර මේ වන විට එම ප්‍රතිකාර සමග විශාල සුවයක් ලබා තිබෙන බව පවසයි.චමින්ද මෙවර කෙන්යානු පුහුණුවත් සමග ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය තමාගේ ප්‍රධානතම අපේක්ෂාව බව පවසයි.
සචිත් හිටපු ශ්‍රී ලංකා හෙල්ල වීසිකිරීමේ සූරයා වන වරුණ ලක්ෂාන් දයාරත්න අභිබවමින් ජාතික වාර්තාව තැබීමෙන් ඉනික්බිති මේ දක්වා රට තුළදී සිය අපරාජිතත්වය රැක ගැනීමට සමත්ව සිටින අතර තවමත් 22 හැවිරිදි වියේ පසුවන සචිත්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ලද විශාල භාග්‍යයක් කොට තැකිය හැකිය.

No comments: