Dec 27, 2011

සමරවීරගෙන් ‘වීර’ ඉණිමක්


තිලාන් සමරවීරගේ ඉවසිලවන්ත ඉණිම නිසා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියේය.ලඩුලු 3 ක් ලකුණු 84 ට අහිමිව සිටිය දී පිටියට පිවිසි සමරවීර ඊයේ දිනය නිමාවන විට පන්දු 218 ක ට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සමග ලකුණු 86 ක් ලබා නොදැවී සිටියි.
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 47 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය අතර,සිය ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වන දිනේෂ් චන්දිමාල් හය වන කඩුල්ල වෙනුවෙන් තිලාන් සමරවී සමග ලකුණු 111 ක සබදතාවයක් පවත්වමින් සිය ප්‍රථම ටෙස්ට් ඉණිම අර්ධ ශතකයකින් හැඩ කරමින් ලකුණු 58 ක් ලබා ගත්තේය.මහේල ජයවර්ධන සිය ටෙස්ට් දිවියේ 10,000 වන ටෙස්ට් ලකුණ ඊයේ වාරතා කළ අතර එම කඩඉමට පැමිණි පළමු ලාංකේය ක්‍රීඩකයා වන්නේ ද මහේලයි.එසේම මහේල මෙම කඩඉමට පිවිසි ලොව නව වන පිතිකරුවා ලෙස ද ක්‍රිකට් ඉතිහාස පොතට එකතු වන්නේය.
ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් තරගයේදී පරාජය කිරීමට පෙරමුණ ගත් වර්නන් පිලැන්ඩර් සිය දණහිසේ ආබාධය මත ඊයේ ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට ඊයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට භාග්‍යය ලද මර්චන්ට් ඩි ලැන්ගේ, පිලැන්ඩර් ගේ අඩුව පිරිමසමින් ලකුණු 60 ට කඩුලු 4 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු පිළේ දක්ෂතම පන්දු යවන්නා විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514033.html

No comments: