Dec 26, 2011

ක්‍රිකට් නිලවරණය උසාවි යන ලකුණු


වසර හතකට පසුව පැවත්වෙන ක්‍රිකට් නිලවරණය ද උසාවියෙන් නැවතෙන ලකුණු පහළ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙයි.මීට පෙර ද පැවත් වූ නිලවරණ නීතිමය තත්ත්වයන් පාදක කරගෙන අධිකරණය වෙත යාමෙන් ක්‍රිකට් අතුරු කමිටු පත්වීම සිදු වූ අයුරු දකින්නට ලැබුණු අතර මෙවරද ඇති වී තිබෙන තත්ත්වය අනුව ක්‍රිකට් ව්‍යවස්තාව සහ ක්‍රීඩා පනත අතර ගැටළුකාරී තත්ත්වයක් පවතින බව එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
ක්‍රිකට් පරිපාලනය වෙනත් ක්‍රීඩා පරිපාලන වලට අදාළ නැති නීතිමය රාමුවකින් සහ වානිජමය රාමුවකින් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන එක් පාර්ශවයක් කියන්නේ ක්‍රීඩා පනත පාදක කරගෙන එම ව්‍යවස්ථාවට අභියෝග කළ නොහැකි බවයි.ඒ අනුව ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුකුල නොවන ආකාරයට ක්‍රිකට් නිලවරණයට අපේක්ෂකයන් ඇතුළත් කළ නොහැකි බව පෙන්වා දෙන එම පාර්ශවය එසේ ව්‍යවස්ථාවට අනුගත නොහැකි ආකාරයෙන් නිලවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කළ නොහැකි බවය.එසේ ඉදිරිපත් වී ඇති පිරිසට එරෙහිව ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් තමන් අධිකරණයට යන බව එම පාර්ශවය පෙන්වා දෙයි.
නමුත් ඊට එරෙහිව කරුණු දක්වන පාර්ශවය පෙන්වා දෙන්නේ ක්‍රීඩා පනතට අනුව කටයුතු කරද්දී තම කණ්ඩායමේ අපේක්ෂකයන් කිසිවෙක් එම පනත උල්ලංඝනය කළ නොමැති බවයි.වඩා වැදගත් ක්‍රීඩා පනතට අනුව කටයුතු කිරීම බව පෙන්වා දෙන එම පාර්ශවය ක්‍රිකට් ව්‍යවස්ථාවේ ඇතැම් කරණු ක්‍රීඩා පනතට අනුකූල නොවීම ගැටළුකාරී බව පෙන්වා දෙයි.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිළිගන්නේ ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව බැවින් ඊට එකගව කටයුතු කිරීම වැදගත් බවත් එසේ නොවුණහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උදහසට ශ්‍රී ලංකා ක්‍රිකට් ලක්විය හැකි බවත් එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

No comments: