Dec 31, 2011

වරාය,යුධ හමුදාවට ජය පෙන්න පෙන්නා උදුරා ගනියි

                                          දක්ෂතම ක්‍රීඩකයා සුරත් සහ ක්‍රීඩිකාව දිනේෂා
මෙවර රූපවාහිණි අභියෝග වොලිබෝල් තරගාවලියේ පිරිමි සුපර් ලීග් අවසාන තරගයේ වටයක් පාසා වරාය අභිබවා යා හැකි දක්ෂතා මතුකළ යුධ හමුදාව ඒ සෑම වටයක්ම පරාජයෙන් අවසාන කරන්නට තරම් අවාසනාවන්ත විය.ඒ නිසා මාතර රුහුණු විශ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රූපවාහිණිය 27 වන වරටත් සංවිධානය කරන ලද රූපවාහිණි සුපර්ලීග් තරගාවලියේ සූරතාවය වට 3 - 0 ක් ලෙස ජය ගන්නට වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථම වටය සහ දෙවන වටය ලකුණු 25 - 23 ලෙස තබා ගන්නට සමත් වූ වරාය අවසාන වටය ලකුණු 26 -24 ක් ලෙස ජයගත්තේය.මෑත කාලයේ ජාතික මට්ටමේ වොලිබෝල් සූරතාවලියන් හී දක්ෂතම ක්‍රීඩකයා කිරුළට හිමිකම් කියන ජනිත් සුරත් මේ තරගයේදී ද දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබීය.ඊට අමතරව දක්ෂතම ප්‍රහාර වළක්වන්නා වූයේ ද ජනිත් ය.
තරගය පරාජය වුව ද යුධ හමුදාව නියෝජනය කළ දිමුතු ප්‍රසන්න,දිනුජ් ලක්ෂාන් සහඩබ්ලිව්එල්ආර් වීරසේකර පිළිවෙළින් තරගයේ හොදම පිරිනමන්නා,හොදම ප්‍රහාරකයා සහ හොදම පිටිය රකින්නා ලෙස සම්මානනීය විය.හොදම පන්දු සකසන්නා ලෙස නිලංග සංජය වරාය අධිකාරියට කීර්තිය ගෙනාවේය.

No comments: