Dec 30, 2011

තරුණ සේවා-රූපවාහිණී අභියෝග කුසලාන අවසාන තරග අද

ජාතික රූපවාහිණිය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන රූපවාහිණි අරුරුරුපරූපවාහිණි අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසාන තරග අද මාතර රුහුණු විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්වේ.27 වරටත් සංවිධානය වන මෙම තරගාවලිය අවුරුදු 25 න් පහළ තරගාවලියක් ලෙස ක්‍රියාවට නැගෙන අතර සුපර් ලීග් සහ අභියෝග කුසලාන යනුවෙන් තරග අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
මෙවර තරගාවලියේ සුපර්ලීග් අංශයේ පිරිමි අවසාන තරගයට යුධ හමුදා කණ්ඩායම සහ වරාය අධිකාරි කණ්ඩායම තේරී පත් වී සිටින අතර එම කාන්තා අවසාන තරගය සදහා තරග වදින්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායමයි.අභියෝග කුසලාන තරගාවලියේ පිරිමි අවසාන තරගයට ගම්පහ සියනෑ කණ්ඩායම සහ දොම්පෙ නේත්‍රා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියි.එම කාන්තා අංශයේ අවසාන තරගයට තරග වදින්නේ මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායමයි. 


No comments: