Dec 31, 2011

‘සදමාලි’ගේ ආබාධයෙන් විදේශසේවා බලාපොරොත්තු අදුරේ ගිලෙයි

                                            ජයග්‍රාහී ගුවන් හමුදා කණ්ඩායම

මේ වසර පුරාවටම ලාකේය කාන්තා වොලිබෝල් පිටියේ ආධිපත්‍යය පතුරවා සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති රුපවාහිණි කුසලාන සුපර් ලීග් අංශයේ අවසාන තරගයේ ප්‍රථම වටයේ දී සිය දක්ෂතම ක්‍රීඩිකාව වූ ලීනා සදමාලි සෝමරත්න ආබාධයකින් පසුව තරගයෙන් ඉවත්වීම හේතු කොට ගෙන ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියේ වට 3 – 1 ලෙස පරාජයට පත්විය.ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රූපවාහිණිය 27 වන වරට සංවිධානය කරන මෙවර තරගාවලිය මාතර රුහුණු විශ්ව විද්‍යාල ගෘහස්ත ක්‍රීඩාගාරයේදි පැවත්විණි.
තරගය ඇරඹී සුළු මොහොතකින් විදේශ සේවා කණ්ඩායමේ නායිකා ලීනා සදමාලි ගේ පාදය ගුවන් හමුදා කණ්ඩායමේ නායිකා දිනේෂා ප්‍රසාදිනී ගේ පාදය වැදීම නිසා ආබාධයකට ලක් වූ අතර නමුත් සිය ප්‍රබලතම ක්‍රීඩිකාව අහිමිව තිබියදීත් විදේශ සේවා කණ්ඩායම ප්‍රථම වටය ලකුණු 25 – 22 ක් ලෙස ජය ගනිමින් තරගයේ පෙරමුණ ගත්තේය.දෙවන වටයේ ලීනා ගේ අඩුව තදින් දැණුන අතර එම වටයේ ප්‍රතිපලය වූයේ ගුවන් හමුදාව ලකුණු 25 -18 ක් ලෙස පරාජයට පත්විය.
ඒ තත්ත්වය හමුවේ ලීනා තරගයේ තෙවන වටයේදී සිය කණ්ඩායමෙන් ගිලිහී යන තරගය නැවත දිනා දීම සදහා ක්‍රීඩා පිටියට පිවිසිය ද,එහි අවසාන ප්‍රතිපලය වූයේ ඇයගේ ආබාධය උත්සන්න වීමෙන් රෝහලට රැගෙන යාමට සිදු වීමය.එම වටය ලකුණු 25 – 12 ක් ලෙස ජය ගත් ගුවන් හමුදාව තරගයේ තෙවන වටය ද, ලකුණු 25 – 16 ක් ලෙස ජය ගනිමින් රූපවාහිණි කාන්තා සුපර්ලීග් කුසලානය ගුවන් හමුදාව සතු කර ගත්තේ වසර පුරාවටම විදේශසේවා කණ්ඩායම පවත්වා ගෙන ආ අපරාජිත වාර්තාවට තිත තබමින්ය.
ජයග්‍රහණය වෙනුවෙන් නායකත්ව ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කරමින් ඉහළ දස්කම් පෑ ගුවන් හමුදා නායිකා දිනේෂා ප්‍රසාදිනී දක්ෂතම ක්‍රීඩිකාවට අමතරව තරගයේ දක්ෂතම ප්‍රහාරිකාව ද වූවා ය.දක්සතම පිරිනමන්නිය වූයේ විදේශ සේවා කණ්ඩායමේ චතුරිකා රණසිංහ ය.දක්ෂතම පන්දු ලබා ගන්නිය බවට ගුවන් හමුදා කණ්ඩායමේ බීඑම්සී මදුරංගි පත් වූ ජේඩබ්පී තුෂාර ගුවන් හමුදා කණ්ඩායමට දක්ෂතම ඔසවන්නිය ගේ කුසලානය ද දිනා දුන්නාය.කාංචනා විජේකොන් විදේශ සේවා කන්ඩායම වෙනුවෙන් දක්ෂතම ප්‍රහාර වළකන්නිය ලෙස සුදුසුකම් ලබා ගනිද්දී දක්ෂතම පිටිය ආරක්ෂා කරන්නිය බවට ගුවන් හමුදා කණ්ඩායමේ ඊඩීඩබ් මදුමලී සම්මාන දිනුවාය.

No comments: