Dec 29, 2011

ක්‍රීඩා පනතට අභියෝග කිරීමට ක්‍රිකට් ව්‍යවස්ථාවට බලයක් ඇද්දැයි සැකයි - නීතී අංශ


ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයන් සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ක්‍රීඩා සමාජ කිහිපයක් මගින් නඩු පැවරීමට තීරණය කරතිබෙන බවට තොරතුරු වාර්තා වුණ ද, ක්‍රිකට් ආයතන පනත හා එහි ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති පනතක්  නොවන්නේ නම් ක්‍රීඩා පනතට අභියෝග කිරීමට හැකි ශක්තිමත් ප්‍රතිපාදන ක්‍රිකට් ව්‍යවස්ථාවේ තිබිය නොහැකි බව සුපිරික්‍රීඩා මගින් නීති අංශ හරහා කරන ලද කරුණු විමසීමකදී අනාවරන්‍ය කර ගැනීමට හැකිවිය.
මේ අතර කලින් කලට විවිධ වර්ණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රකට පුද්ගලයෙක් මෙම නිලවරණයේදී එක් පාර්ශවයකට ඡන්දය පාවිච්චි කරන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් ලෙස රට පුරා ප්‍රචාරණය කරමින් යෑම පිළිබදව ද ක්‍රිකට් කේෂ්ත්‍රයේ දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන ඇත.ඒ නිසාම ඇතැම් පාර්ශව මේ වන විට නිලවරණයෙන් ඉවත් වී බොහෝ නිලතල සදහා නිතරගයෙන් පත්වීම සදහා එක් පාර්ශවයකට ඉඩ දෙනු ඇතැයි රාවයක්ද පැතිර යමින් පවතී.
කෙසේ වුව ද ජනාධිපතිවරයාගේ නම යොදා ගනිමින් නිලවරණයේ ප්‍රචාරක කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ඇතැම් ක්‍රීඩා සමාජ කණස්සල්ලෙන් පසුවන බව ද වාර්තා වන අතර වසර ගණනකට පසුව ක්‍රීඩා සමාජ සදහා තමන්ගේ කැමති පරිපාලකයන් සොයා ගැනීමට ලද අවස්ථාවට දේශපාලන බලපෑම් එල්ලවීම පිළිබදව ඔවුන් සිය නොසතුට පළ කරයි.

No comments: