May 22, 2012

අවලංගු කරයි - යළි සළකා බලයි






http://www.sportsbizasia.com/wp-content/uploads/2009/11/Suresh-Kalmadi-AAA-appointment-S.JPGජූනි නව වන දා පැවත්වීමට නියමිතව තිබූ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයේ තත්ත්වය පිළිබදව සෑහීමකට පත් නොවන බව දන්වා සිටින ආසියානු මලල ක්‍රීඩා සංගමය එම තරගය අවලංගු කරන බව ආසියානු සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකොලස් හරහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත දන්වා තිබෙනවා.නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක ද මොරිස් නිකොලස් සමග දුරකථනයෙන් කළ සංවාදයකට පසුව නැවත තොරතුරු දන්වා එවන ලෙස ප්‍රකාශ කර ඇති අතර විධායක කමිටුවට දැණුම් දී නැවත සළකා බැලීමකට ද එකග වී ඇත.
මේ වන විටත් තරගාවලිය සංවිධානය වෙනුවෙන් විශාල සූදානමක් පවතින බව සහ දැඩි වියදමක් දරා ඇති බව ද සංවිධාන ශක්තිය පිලීබදව විශ්වසනීයත්වය ද මොරිස් නිකොලස් ට පෙන්වා දීමට අමතරව අමාත්‍යවරයා විසින් ක්‍රීඩා උළෙලට ලබා දී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික වටිනාකම ද තහවුරු කිරීමෙන් පසුව මොරිස් නිකොලස් මෙම තීරණයට එළැඹ තිබේ.    
පැවති පරිපාලනයේ ඇතැම් පිරිස් නිලවරණය සම්බන්ධයෙන් ආසියානු සම්මේලනයට දන්වා තිබෙන අදහස් සහ කර තිබෙන චෝදනා මෙම අවලංගු කිරීමට හේතු වී තිබෙන බව පෙන්වා තිබෙන අමාත්‍යංශ නියෝජිතයෙකු  නමුත් මෙම පරිපාලනයේ මීට පෙර පරිපාලනය නියෝජනය කළ පිරිස් විශාල පිරිසක එම තනතුරු වලම සහ වෙනත් තනතුරු වල ද සිටින බව පෙන්වා දුන්නේය.එසේම අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පත් වූ පරිපාලනය ජාත්‍යන්තර වශයෙන් සබදතා පවත්වා ගැනීමට යොමු කර තිබෙන අවධානය ද ප්‍රමාණවත් නැති බවය.එසේම අමාත්‍යවරයා විසින් මෙම තරගාවලිය සහ මලල ක්‍රීඩා පරිපාලන කටයුතු සදහා සම්බන්ධ කර ගන්නා ලෙස ඇතැම් පුද්ගලයන් ගැන දැනුවත් කිරීම් කළ ද ඒ සම්බන්ධයෙන් ද මලල ක්‍රීඩා පරිපානය අවධානය යොමු කර නැති බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.
අමාත්‍යවරයා අප වෙබ් අඩවියට ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරමින් පෙන්වා දුන්නේ නිලවරණයෙන් තේරී පත් නොවුණු තවත් පිරිසක් මලල ක්‍රීඩා පරිපාලනයේ කටයුතු සදහා ඒ ඒ අයගේ පෞද්ගලික හැකියාවන් සළකා සම්බන්ධ කර ගැනීමට මලල ක්‍රීඩා පරිපානයට උපදෙස් සපයන බවය. 

No comments: