May 22, 2012

ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය ශ්‍රී ලංකාවේ - ආසියානු සම්මේලනය එකගත්වය පළ කරයි

සියානු මලල ක්‍රීඩා සම්මේලනය විසින්ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය  ශ්‍රී ලංකාවේ පැවත්වීම අවලංගු කරන බව දන්වා එවන ලද ලිපිය ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීම සළකා බලා ඉවත් කර ගෙන ඇති අතර යළි තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වීමට එකගත්වය පළ කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයට ලිපියක් එවා ඇත.පැවති මලල ක්‍රීඩා පරිපාලනයෙන් පසුව ස්ථාපිත වූ නව පරිපාලනය විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග පිළිබද සෑහීමකට පත් නොවන බව කියමින් තරගාවලිය අවලංගු කිරීමට ගත් තීරණය ක්‍රීඩා අමාත්‍යවරයා ද මැදිහත්ව ආසියානු සම්මේලනයේ ලේකම්වරයා ව දැනුවත් කිරීමෙන් පසුව මෙම එකගත්වය පළ කර ඇත.
මේ සටහන තැබෙන විටත් ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සංවිධානය පිණිස නම් කරන ලද කමිටුවේ ඇතැම් ප්‍රධානින් ද මෙම වෙනස් කරන තීරණය ගැන දැනුවත්ව නැති බව ඔවුන් හා කරන ලද කතා බහෙන් පැහැදිළි වන අතර මේ තත්ත්වය වහාම වෙනස් කර ඒ ඒ කමිටු දැනුවත් කරමින් වගකීම් පැවරි අය වෙත එම වගකීම් ක්‍රියාත්මක කිරීමට ඇවැසි පරිසරය සකස් කිරීමට මලල ක්‍රීඩා සංගමයේ ඉහළ නිලධාරීන් වහාම මැදිහත් විය යුතු අතර ක්‍රීඩා අමාත්‍යවරයා ද මැදිහත්ව නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සමත් වූ උළෙලේ යහපත් ප්‍රතිපල රටක් ලෙස භුක්ති විදීමට එය ඉතාමත් අත්‍යවශ්‍යය කාරණයක් වනු ඇති බව සුපිරි ක්‍රීඩා අදහස යි.
www.sopirikrida.com

No comments: