May 25, 2012

කණිෂ්ඨ ක්‍රීඩකයෝ දියගමින් කොළඹට

සියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සදහා බියගම සංචිත ගත කරතිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත් යහපත් තත්ත්වයකින් කටයුතු කිරීම සදහා එම සංචිතය කොළඹට කැදවීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.අමාත්‍යවරයාගේ උපදෙස් පිට ක්‍රියාත්මක වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සජිත් ජයලාල් ද එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍යය පහසුකම් සහ නවාතැන් සැපයීම මුල්‍යමය අසීරුතා නොසළකා හරිමින් හෝ ඉටු කර දීමට උත්සාහ කරන බව සුපිරික්‍රීඩා වෙත පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වු තවත් පිරිසක් පෙන්වා දුන්නේ ක්‍රීඩකයන් කොළම නගරය ආසන්නයට කැද වන්නේ නම් විශාල පිරිසකට සිය නිවසේ සිට පුහුණුවිම් සදහා සහභාගි වීමට හැකියාව ලැබෙනු ඇති බවය.

No comments: