May 25, 2012

මේස පන්දු සූරතාවය කොළඹ නගර සභාවට

ල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා මේස පන්දු සූරතාවලියේ සූරතාවය රාජ්‍ය මුද්‍රණාලීය කණ්ඩායම පරාජයට පත් කළ කොළඹ නගර සභා කණ්ඩායම විසින් දිනා ගත්තා.පිරිමි කණ්ඩායම් සූරතාවය දිනා ගැනීමේ දී ඔවුන් විසින් මුද්‍රණාල කණ්ඩායම 3 – 1 ලෙස පරාජයට පත් කළා.
පිරිමි ඒකළ තරගයේදී රාජ්‍ය මුද්‍රණාල කණ්ඩායමේ පීඩී ගජේන්ද්‍රසිරිව පරාජය කළ නුවන් සම්පත් යුගල තරගයේදී  ප්‍රභාත් සම්පත් සමග එක්ව රජයේ මුද්‍රණාලයේ පීඑස් ඩී සිල්වා සහ ඉසුරුසිරි සම්පත් පරාජය කරමින් ද්විත්ව සූරතා සදහා හිමිකම් කියනු ලැබුවා.කොළඹ නගරසභා කණ්ඩායම නියෝජනය කළ එස්යූබී දොලපිහිල්ල,චන්දන පෙරේරා,ප්‍රභාත් නිමේෂ්,එන්එච් පියදාස,නුවන් සම්පත් (පසුපෙළ) යන ක්‍රීඩකයින් ජීජී වීරක්කොඩි,නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා,නගරාධිපති ඒජේඑම් මුසම්මිල්,නාගරික කොමසාරිස්වරිය භද්‍රානි ජයවර්ධන,ක්‍රීඩා අධ්‍යක්ෂ ජීඑම්ජේ අපොන්සෝ  (ඉදිරිපෙළ) යන අය සමග ඡායාරූපයකට මුහුණ දුන් අයුරු මේ සමග දැක්වේ.

No comments: