May 26, 2012

උපාලි සහ ගාමිණි අද ජර්මණියට එරෙහිව යති


කුණු කොරියාවේ ක්‍රියාත්මක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක එහි සී කොටසේ සූරයන් වෙමින් මූලික තරග වලින් දෙවන වටයට පිවිසි අතර එහිදී පැවති දකුනු අප්‍රිකාව සමග වූ තරගය 3 /0 කින් පරාය විය.
විෂේශයෙන්ම එහිදී මෙම තරගාවලිය තුළ පෑ දක්ෂතා අනුව ජගත් ශ්‍රේණිගත කිරීම්වල 69 වන ස්ථානය දක්වා පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ උපාලි රාජකරුණා ජගත් ශ්‍රේණිගත කිරීම් වල 31 වන ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවේ එවන්ස් මරීපා ව වටයකින් පරාජය කරමින් තියුණු සටනක් ලබා දීම කැපී පෙණුනු අතර මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම් හී 77 වන ස්ථානයට පත්ව සිටින ගාමිණි දිසානායක එහි 43 වන ස්ථානයේ සිටින සීඩ්වෙල් මැතොන්සි ට පරාජය වූයේ වට 2 – 0 ක් ලෙස ය.
අද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා ජර්මණි කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.එහි දී 52 වන ස්ථානයට සිටින ස්ටෙෆන් සමෆෙල්ඩ් සහ ගාමිණි දිසානයකත් 111 වන ස්ථානයට සිටින ස්වේන් හිලර් සහ උපාලි රාජකරුනාත් තරග වැදීමට නියමිත අතර මෙම තරගයේ දී හ්‍රී ලංකාවට යම් වාසිදායක තත්ත්වයක් තිබෙන  බව සිතිය හැකි අතර බොහෝ වෙලාවට යුගල තරගය සමස්ථ තරගයේ  තීරණය විසදන තරගය විය හැකිය. 

No comments: