May 25, 2012

එක්දින සහ 20/ 20 සංචිතයට පරණ මුහුණු


දිමුත් කරුණාරත්න

කිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් නම් කරන ලද 20 //20 සහ එක්දින සංචිතයට දක්ෂතා අතර සිටින තරුණ ක්‍රීඩකයන් කිසිවෙක් ඇතුළත් කර නැති අතර ඒ වෙනුවට අවස්ථාවක් නොමැතිව සිටි පැරණි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු යළි කැදවන්නට තේරීම් කමිටුව තීරණය කර ඇත.ඒ අනුව 20 /20 සංචිතයට කලකට පසුව කෞෂාල් ලොකුආරච්චි සහ  ඉසුරු උදාන කැදවුම් ලබා ඇති අතර එක්දින සංචිතයේ සුපුරුදු පරිදි සාර්ථක වන්නට යැයි කරන ආරාධනයත් සමග කලෙකින් සාර්ථක නොවූ දිල්හාර ප්‍රනාන්දු  හිදුවා ඇත.
විෂේශයෙන් දෙන ලද අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් දක්ෂතා අතරට පැමිණි දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයෙක් නව තේරීම් කමිටුව යළිත් නොසළකා හැර තිබීම කණ්ගාටුදායක තත්ත්වයකි.නායක මහේල ජයවර්ධන  නව නායකත්වයක් සහ නව කණ්ඩායමක අවශ්‍යයතාවය පිළිබදව ඉගි කරන ප්‍රකාශ කරන තත්ත්වයක් තුළ මෙවැනි තේරීම් සමග සියයට සියයක් එකග වන්නේ දැයි සිතීම පවා අසීරුය.ඩිල්ෂාන් තිලකරත්න ගේ සමයේ වැඩි අවස්ථාවක් ලබමින් ස්ථාවර වූ ලහිරු තිරිමාන්න,දිනේෂ් චන්දිමාල්, සචිත්‍ර සේනානනායක වැනි ක්‍රීඩකයන් අද කණ්ඩායමේ ස්ථාවරව ඇති අයුරින්ම තවත් ක්‍රීඩකයින්ට මෙවැනි අවස්ථා ලැබෙන්නේ නම් එය ක්‍රීඩාවේ අනාගතයට වැදගත් ඇත.

20 /20 කණ්ඩායම
මහේල ජයවර්ධන,ඩිල්ෂාන් තිලකරත්න,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,කෞෂාල් ලොකුආරච්චි,ලහිරු තිරිමාන්න,ලසිත් මාලිංග,ඉසුරු උදාන,නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක,ඇන්ජලෝ මැතිවිස්,චාමර කපුගෙදර,උපුල් තරංග සහ තිසර පෙරේරා

එක්දින කණ්ඩායම

මහේල ජයවර්ධන,තිලකරත්න ඩිල්ෂාන්,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න,ඇන්ජලෝ මැතිව්ස්,ජීවන් මෙණ්ඩිස්,තිසර පෙරේරා,උපුල් තරංග,නුවන් කුලසේකර,ලසිත් මාලිංග,නුවන් ප්‍රදීප් ,දිල්හාර ප්‍රනාන්දු,රංගන හේරත් සහ සචිත්‍ර සේනානායක

No comments: