May 24, 2012

පල්ලේකැලේ,හම්බන්තොට සහ ඛෙත්තාරාමයේ පිහිනන්න අවස්ථාවක්


ල්ලේකැලේ,හම්බන්තොට සහ ඛෙත්තාරාම ක්‍රීඩාංගණ වල ඉදිරි‍යේදී ක්‍රිකට් ඇකඩමි අරඹන බවත් ඒ සදහා පිහිණුම් තටාක සැකසීම වැනි කරුණු මේ වන විට සැළසුම් කරමින් තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර ඇත.මෙම පහසුකම් සම්පාදනය කිරීමේ දී ක්‍රීඩකයන්ට නේවාසිකව එම ඇකඩමි වල පුහුණුව ලැබීමට අවස්ථාව සැළසෙනු ඇති බව  ද ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ දී සජිත් ප්‍රේමදාස මංත්‍රීවරයා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බව අවධාරණය කළ ක්‍රීඩා අමාත්‍යවරයා දයාසිරි ජයසේකර මංත්‍රීවරයා ඇසූ පැනයකට පිලිතුරු දෙමින් පැවත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා උළෙල අත්හිටවීම සදහා ආසියානු සම්මේලනයට බලපෑම් කළ සහ අසත්‍ය තොරතුරු සැපයූ හිටපු මලල ක්‍රීඩා පරිපාලන නිලිධාරීන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණයක් පවත්වා දස වසරක් ක්‍රීඩා පරිපාලනයට කොයි ආකාරයකින්වත් සම්බන්ධ වීමට නොහැකි ලෙස තහනමක් පනවන බවත් පැවසීයදැනටමත් වෛද්‍ය මායියා ගුණසේකර ප්‍රමුඛව මේ සදහා පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී තව දුරටත් අවධාරණය කළේය.

No comments: