May 26, 2012

සුමනා බාලිකාවෙන් ක්‍රීඩා ශිෂ්‍යත්ව


දිවයිනේ ජනප්‍රියතම බාලිකා ක්‍රීඩා පාසලක් වන පසුගිය දෙ'වසරේම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සූරියන් වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලීය ක්‍රීඩා පාසලට ශිෂ්‍යාවන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය ජූනි මස 14 දින පෙරවරු 8.30 ට රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.ඒ සදහා ඉල්ලුම්පත් යොමු කළ හැකි අවසාන දිනය ජූනි මස 12 වන දා වන අතර මේ වන විටත් දැනට පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන විශාල ශිෂ්‍යාවන් පිරිසක් ඉල්ලුම් කර ඇත.
අටවන ශ්‍රේණියට අමතරව නවවන ශ්‍රේණිය සදහා ද පුරප්පාඩු කිහිපයක් ඇති බැවින් සුමනා බාලිකා ක්‍රීඩා පාසලට ඇතුළත් වීමට කැමැත්තක් දක්වන අටවන ශ්‍රේණියේ සහ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් ජුනි මස 12 වන දිනට පෙර විදුහල්පතිණිය,ර/සුමනා බාලිකා විද්‍යාලය ,රත්නපුර යන ලිපිනයට අයදුම් පත්  යොමු කිරීමෙන් 14 වන දා පැවත්වෙන සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමට අවස්ථාව උදා කර ගත හැකිය.මේ පිළිබදව වැඩි දුර තොරතුරු 0714 161673 යන දුරකථන අංකයෙන් එම පාසලේ ක්‍රීඩා අචාර්‍ය රෝහිත ජයවර්ධන අමතා ලබා ගැනීමට හැකිය.

No comments: