May 25, 2012

එකලස් කරන්න නිකොලස් එයි

 
ශ්‍රී ලංකාවේ පැවත්වෙන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලිය වෙනුවෙන් වී ඇති සූදානම සහ තරග පැවත්වීමට යෝජිත පරිසරය නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකලස් 27 දා ශ්‍රී ලංකාවට පැමිණේ.එම සම්මේලනයට වාර්තා වූ තොරතුරක් පදනම් කරගෙන ජූනි 9 වන දා පැවත්වීමට නියමිත මෙම තරගාවලිය අවලංගු කිරීමට කටයුතු කළ ද පසුව ක්‍රීඩා අමාත්‍යවරයා මූලිකත්වය ගෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් මොරිස් නිකොලස් ට කළ කරුණු දැක්වීමේ දී එසේ තරගාවලිය නවතා දැමීමෙන් ශ්‍රී ලංකාවට ඇතිවන අපහසුතාවය සහ ආසියානු කණිෂ්ඨ ක්‍රීඩකයන්ට මුහුණ දෙන්නට වන දුෂ්කරතාවයන් පැහැදිලි කර දීමෙන් අනතුරුව යළිත් තරගාවලිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි විය.
තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වෙන කාලය අතරතුර මොරිස් නිකොලස් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු  ඇතුළු ජ්‍යෙස්ඨ මලල ක්‍රීඩා පරිපාලකයින් පිරිසක් ද හමු වීමට නියමිතය.තරගාවලිය නැවත්වීමට ගත් හදිසි තීරණය නිසා ශ්‍රී ලංකාව ලක් වූ අපහසුතාවය පිළිබදව මේ වන විටත් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය මොරිස් නිකොලස් ගේ සංචාරයෙන් යළිත් සිය හොද හිත ලංකාවට පෙන්වීමට ද සිතා සිටිනවා සැක නැත.

No comments: