May 24, 2012

මංගල ගේ තුවක්කුවට පුස් වෙඩිල්ලක්


Broken Gun Clip Artමිටර් 50 බිම වැතිර වෙඩි තැබීමේ ඉසව්ව වෙනුවෙන් ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනයට සුදුසුකම් ලබා සිටින මංගල සමරකෝන් සමග එම උළෙලට පුහුණුකරුවෙක් සහභාගි නොකර කළමණාකරුවෙක් පමණක් සහභාගි කර වීමට තීරණය කර ඇතැයි සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.සුපිරික්‍රීඩා වෙත වාරතා වන ආකාරයට ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන ආ ක්‍රීඩිකාවක වන පුෂුපමාලී රාමනායක යටතේ පුහුණුව ලබන මංගල, මංගල ගේ දක්ෂතා ඉදිරියට ගැනීමට මෙන්ම පුහුණුකාරියක ලෙස විශාල අත්දැකීමක් ලබා ගැනීමට පුෂ්පමාලි ට ඇති අවස්ථාවද හකුලා දමා වෙඩි තැබීමේ අතුරු කමිටුවේ නිලධාරියෙකු මෙම සංචාරයට කළමණාකරු ලෙස එක් වීමට කටයුතු කරන බව එම වාර්තා පෙන්වා දෙයි.
Broken Gun Clip Artජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වකදී පුහුණුකරු සහ කළමණාකරු ලෙස වෙන් වෙන් වගකීම් පැවරෙන අතර ඒ තත්ත්වය තේරුම් ගැනීම වෙනුවට අතුරු කමිටු නිලධාරියා සිය සහභාගීත්වය සනාත කර ගනු පිණිස මංගල‍ගේ තෝරා ගැනීම වයිල්ඩ්කාඩ් අවස්ථාවක් ලෙස පහත හෙලමින් ක්‍රීඩකයා පදක්කමක් නොලැබුවද එහි දී ඔහු දක්වන දස්කම් ලංකවේ වෙඩි තැබීමේ ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට කෙතරම් වැදගත් වනු ඇත්ද යන්න ද නොසළකා හැර තිබෙන බව ද සුපිරික්‍රීඩා වෙත දැන ගන්නට ඇත.
 
Broken Gun Clip Artඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ද මෙම කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙක් වන බැවින් ද ක්‍රීඩා අමාත්‍යවරයාද ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ අවස්ථා මංකොල්ල කෑමට විරුද්ධ බැවින් ද  අප ඉදිරියේදී මංගලගේ සහභාගීත්වය හෑල්ලුවට ලක් කරමින් ඔහු සමග ලන්ඩන් යන්නට කෙළ හළන නිලධාරීන්ගේ දොලු දුකට වඩා මංගල ට ක්‍රීඩකයෙක් ලෙස තරගය තුළ ප්‍රගතියක් ලැබීමටත් පුෂුපමාලී ට පුහුණුකාරියක ලෙස ඉදිරියට යාමටත් ලැබෙන මෙම අවස්ථාව සංචාර ලෝලී නිලධාරීන්ට කොල්ලකෑමට අවස්ථාවක් නෙලැබෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

No comments: