May 23, 2012

සාගර විශ්ව විද්‍යාල වෙරළ ක්‍රීඩා උළෙල අද ඇරඹේ


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOa9BGx78Ok2vpLUwVGGHk-_YmwOoOGNIx3lMOEWg4qNwY2-B8HJKd6vThnrCxBsZ6IXjPvvGD4u3DVtLdN3glJ9Ul8akcA6GjDniSB2sF6NfYPYRUZgYhyphenhyphenURpTQquhi4SpNjbco26i3FY/s1600/chios_karfas_beach_sports.jpgයෞවන කටයුතු හා නිපුණතා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සාගර විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන්නට යෙදෙන වෙරළ ක්‍රීඩා උළෙල අද (මැයි 23) තංගල්ල පරෙවි දූපත් වෙරළ තීරයේදී ඇරඹිමට නියමිතය.අද සහ හෙට පැවත්වීමට නියමිත මෙම ක්‍රීඩා උළෙල සදහා පිහිණුම්,වෙරළ අත් පන්දු,වෙරළ කබඩි,වෙරළ කඹ ඇදීම,ජීවිතාරක්ෂක තරග,වෙරළේ කොඩි තරග,මීටර් 100 වෙරළේ දිවීම,ජීවිතාරක්ෂක සහාය දිවීම,ගලවා ගැනීමේ පූවරු තරග,දිවීම,පිහිනීම,විවෘත,රුවල් යාත්‍රා සහ සරුංගල් තරග මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් වෙනවා.
මැයි 15 වන දාට ප්‍රථම මෙම තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වූ ක්‍රීඩකයන් සහ කණ්ඩායම් මෙම තරගාවලියට අද සහ හෙට පෙරවරු 8 .00 ට ඇරඹීමට නියමිත තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සහ ක්‍රීඩකයන් වෙනුවෙන් නේවාසික සහ ප්‍රථමාධාර සැපයීමට කටයුතු යොදා ඇත. 

No comments: