May 24, 2012

බුබ්කා ගේ ලේකම් ට තහනමක්

යුක්රේන ඔලිම්පික් කමිටු ලේකම් ව්ලැඩ්මිර් ගෙරාස්ච්හෙන්කෝ ගේ බලය හකුලා දැමීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගත් බව බීබීසි ය මගින් ඔහු ඔලිමිපික් ටිකට් වංචනික ලෙස අලෙවි කළ බවට කළ හෙළිදරව්වත් සමග පියවර ගත් බව යුක්රේන ඔලිම්පික් කමිටු සභාපති සර්ජි බුබ්කා මාධ්‍යයට ප්‍රකාශ කරයි.
බීබීසි ය මගින් කරන ලද මෙම හෙළිදරව්වත් සමග වහාම ක්‍රියාත්මක වූ මේ වන විටත් ජගත් රිටි පැනීමේ වාර්තාවට හිමි කම් කියන බුබ්කා වහාම ක්‍රියාත්මක වන පරිදි 1997  පටන් යුක්රේන ඔලිම්පික් කමිටුවේ ප්‍රබලයෙක් වන ව්ලැඩ්මීර් ගේ සේවය අත් හිටුවීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමටත් පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත.

No comments: