Mar 25, 2012

ආසියාතික රට හරහා දිවීමේ සියලු ගෞරව බහරේනය සතු කර ගනියි


චීනයේ පැවති 12 වන ආසියාතික රට හරහා දිවීමේ සූරතාවලියේ සියලු ගෞරව බහරේනයට නතු වෙමින් නිමාවට පත් විය.මෙහි විශේෂත්වය වූයේ කාන්තා සහ පිරිමි තරග දෙකේදීම ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන බහරේනය සතු වීමය.පිරිමි තරගයේදී තරගය නිමා කළ පළමු පස් දෙනාම බහරේනයෙන් වූ අතර ඒ අතරින් ප්‍රථම ස්ථානය අලෙමු  බෙකලේ ට හිමි විය.පිළිවෙළින් දෙවන සහ තෙවන තැන්මුටූමා ඩි රෙගාසා ට සහ බිලිසුමා සුයී ට හිමි විය.
කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය හිමි වූයේ හැබ්ටෙග්‍රේබ්‍රියල් එස් එස්හේට් ට ය.දෙවන ස්ථානය ටෙජිටු ඩාබා ට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ගෙන්සෙබ් සුමි ට ය.කණ්ඩායම් සූරතාවයේදී ද පිරිමි සහ කාන්තා අංශයේ සූරතා අභියෝගයකින් තොරව බහරේනය නතු වු අතර ජපානය පිරිමි අංශයේ දෙවන තැනත් කාන්තා අංශයෙන් තෙවන තැනත් දිනා ගත්තේය.කාන්තා අංශයේ දෙවන තැන චීනයට හිමි වූ අතර පිරිමි අංශයේ තෙවන තැන සවුදි අරාබියට හිමි විය.මේ සමග ඇති ඡායාරූපයේ අංක 1009 තරග අංකය පැළද තරග කරන්නේ කාන්තා සූරිය වූ සාමා මුබාරක් ය.

No comments: