Mar 29, 2012

ජෙනරල් ගේ බලය බ්‍රිගේඩියර්වරයෙකුට පවරයි


ළැඹෙන මාර්තු 31 දා සිට පවතින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ බලය අහෝසි කරන ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම සංගමයේ පරිපාලනමය කටයුතු මෙහෙයවීම සදහා,බ්‍රිගේඩියර් ප්‍රියන්ත සමරතුංග ගේ මූලිකත්වයෙන් අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.එහි ලේකම් ධූරය වෛද්‍ය ධම්මික සේනාරත්නට පැවරී ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ගුවන් කොමදෝරු නලීන් සිල්වා,නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද,සහ කේපී ඥාණපාල පත්ව සිටියි.
ඒ අනුව දැනට ක්‍රියාත්මක ජෙනරල් පාලිත ප්‍රනාන්දු ගේ සභාපතිත්වයෙන් යුත් මලල ක්‍රීඩා පරිපාලනයේ බලය මාර්තු 31 දා නිමාවට පත් වන අතර අප්‍රේල් 1 දා සිට එහි බලය බ්‍රිගේඩියර් සමරතුංග ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවට පැවරේ.

No comments: