Mar 29, 2012

ලෝක මේස පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ‘Q’ අංශයෙන් මුලට


ර්මණියේ ක්‍රියාත්මක අන්තර් ජාතික මේස පන්දු සූරතාවලියේ පස්වන කොටසේ කිව් කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ එම කාණ්ඩයේ තරග නිමාවට පත් කළේ කිව් කණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත් වෙමින්ය.ශ්‍රී ලංකාව,ටර්ක්මෙනිස්තානය,ටැන්සානියාව,සිම්බාබ්වේ,නැමීබියා සහ ගුවැන්සේ යන කණ්ඩායම් එම කාණ්ඩයට අයත් විය.ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ තරග අවසන් කරමින් ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම 3- 0 ට පරාජය කළ අතර ශ්‍රී ලංකාවට මෙම කාණ්ඩයේ තරගයක් ලබා දුන් එකම කණ්ඩායම ගුවැන්සේ කණ්ඩායම වූ අතර එම තරගය වට 3 – 2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.   
ලීග් ක්‍රමයට පැවති තරග වලන් පසුව අද පස්වන කාණ්ඩයේ සූරයන් තෝරන ප්‍රතිමළුන් පිටු දැකීමේ තරග වටය ඇරඹෙයි.
කාන්තා අංශයෙන් තෙවන කොටසේ ජේ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව ඊයේ චිලී රාජ්‍යයට පරාජය වූයේ 3- 0 ක් ලෙසය.දැනට ඔවුන් තරග 3 ට සහභාගි වී එක් කණ්ඩායමක් පරාජය කර ඇති අතර කණ්ඩායම් දෙකකට පරාජය වී ඇත.ශ්‍රී ලංකාව තවත් තරග දෙකක් සදහා සහභාගි වීමට නියමිතය.

No comments: