Mar 30, 2012

රංගන ගේ දග පන්දු රංගනය ඉදිරියේ එංගලන්තය අසරණ වෙයි


ලොව බිහි වූ සුවිශේෂීම පන්දු යවන්නා බවට අවිවාදිත මුත්තයියා මුරලිදරන් ගේ නික්ම යැමෙන් ඉනික්බිති මව් බිමේදී ටෙස්ට් ජයග්‍රණයක් සොයමින් සිටි ශ්‍රී ලංකාව එම වෙහෙසකාරී වෑයමේ ප්‍රතිපලය භුක්ති විදිමින් වර්ථමානයේ ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව සිටින එංගලන්තයට එරෙහිව ලකුණු 75 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.කණ්ඩායමක කෙතරම් ප්‍රබල පිතිකරුවන් සිටිය ද, ප්‍රතිවාදි කණ්ඩායමක් දෙවරක් දවා ගැනීමේ දුෂ්කර කාර්යය ඉටු කිරීමට හැකි සුවිශේෂි පන්දු යැවීමේ බල ඇණියක අවශ්‍යයතාවය පැහැදිළි කළ රංගන හේරත් මේ ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රබලතම සාධකය වෙමින් ඉණිම දෙකේදී ලකුණු 172 ට කඩුලු 12 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා බවට පත් විය.
පළමු ඉණිමේ දී හහේල ජයවර්ධන මත ගොඩ නැගුණු ශ්‍රී ලංකා ඉණිමේ ලකුණු 318 න් 180 ක් ම මහේල ගේ විය.ඒ දායකත්වය මත ලකුණු 125 ක වාසියක් සහිතව ප්‍රථම ඉණිමේ ඉදිරියෙන් සිටින්නට අවස්ථාව සැළසු රංගන හේරත් ගේ දායකත්වය (74/ 6) මත එංගලන්ත ප්‍රථම ඉණිම ලකුණු 193 ට සීමා කරන්නට හැකිවිය.නමුත් ශ්‍රී ලංකා දෙවන ඉණිම ප්‍රථම ඉණිමේ වාසිය කණපිට හරවන සුළු ලක්ෂණ වලින් ගහන එකක් විය.එකා පිට එකා දැවී යන ශ්‍රී ලංකා පිතිකරුවන් අතර නොසැලි සිටි ප්‍රසන්න ජයවර්ධන කඩුලු රැකීම තරමටම හොදින් සිය කණ්ඩායම පිත්තෙන් රකින කරන කාර්යය ද ඉටු කළේ නොදැවී ලකුණු 61 ක් ලබමින් එංගන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 340 ක ඉලක්කයක් ලබාදිය ආකාරයට ශ්‍රී ලංකා දෙවන ඉණිමේ ලකුණු ප්‍රමාණය ඉහළ දමමින්ය.
එංගලන්තය දැනට ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස එම අභියෝගයට මුහුණ දීමේදී යළිත් ප්‍රධානතම බාධකය වූයේ රංගන ය.නමුත් ජොනතන් ට්‍රොට් හුදෙකලා සටනක නියැලි අතර ඔහු එංගලන්තය වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කරමින් ලකුණු 112 ක් රැස් කළේය.කෙවින් පීටර්සන් සමග තෙවන කඩුල්ලට ලකුණු 70 ක් සහ මැටි ප්‍රියර් සමග පස්වන කඩුල්ලට ලකුණු 81 ක් එකතු කළ ට්‍රොට් ගේ වෑයම ව්‍යර්ථ කළ රංගන ලකුණු 97 ට කඩුලු 5 ක් දවා ගනිද්දී,සුරාජ් රන්දිව් ගේ දායකත්වය ලකුණු 74 ට කඩුලු 4 ක් විය.
ශ්‍රි ලංකා පන්දු රැකීමද ඉතා ප්‍රශස්ථ මට්ටමක විය.විශේෂයෙන් තරගය පුරා තිලකරත්න ඩිල්ෂාන් රැකගත් අගනා උඩ පන්දු 5 ජාත්‍යන්තර විචාරකයන් ලොව විශිෂ්ඨතම පන්දු යවන්නා බවට ඩිල්ෂාන්ව නම් කිරීම සම්බන්ධයෙන් උදාහරණ සපයන සුළු එකක් විය.වසර දෙකකට ආසන්න කාලයක් මව්රටේ දී ජයක් සොයමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍යය පදනම සහතික කළ මහේල ජයවර්ධන ගේ ප්‍රථම ඉණිමේ අගනා ඉණිම මෙන්ම තරගය පුරා තීන්දු තීරණ ගැනීමේදී පෙන් වූ නායකත්ව ලක්ෂණ ද ඉතා ඉහළ මට්ටමක විය.කන්ඩායමක් ලෙස මේ ජයග්‍රහණයේ අවශ්‍යයතාවය වෙනුවෙන් කණ්ඩායම ක්‍රීඩා කළ කණ්ඩායම් හැගීමේ ප්‍රබලත්වය ද අවසන් ක්‍රීඩකයා ලෙස මොන්ටි පනීසාර් ගේ උඩ පන්දුව අති විශිෂ්ඨ ලෙස ඩිල්ෂාන් විසින් රැක ගැනීමෙන් පසුව එකිනෙකා තුළින් වූ ප්‍රදර්ශනය වූ හැසිරීම කදිමට පැහැදිළි කළේය.
තරගයේ සමස්ථ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදාගෙන පිවිසීමට හැකිය. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/current/match/521225.html

No comments: