Mar 29, 2012

ප්‍රසන්න ගේ උත්සාහය අප්‍රසන්න කිරීමට එංගලන්තයෙන් වෑයමක්


ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දෙවන ඉණිම කඩා වැටෙද්දී, එය වළකාලන ප්‍රශස්ථ උත්සාහයක නියැලි ප්‍රසන්න ජයවර්ධන ලකුණු හිග ගාලු තණතිල්ලේ ජයග්‍රහණය සදහා එංගලන්තයට එරෙහිව ලකුණු 340 ක ඉලක්කයක් ලබා දෙන්නට මූලික විය.ලකුණු 125 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉණිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6 ක් ලකුණු 114 ට අහිමි ව තිබියදී පිටියට පවිසි ප්‍රසන්න ජයවර්ධන ඉතා වගකීමෙන් යුතු සහ ප්‍රති පීඩනයක් ඇතිවන ආකාරයෙන් පිත්ත මෙහෙයවමින් ශ්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 214 දක්වා රැගෙන යාමට මූලික වූයේ නොදැවී ලකුණු 61 ලබමින් ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ විනාශකාරයා වූ ග්‍රෙහැම් ස්වෝන් ලකුණු 82 ට කඩුලු 6 ක් දවා ගත් අතර මොන්ටි පනීසාර් ලකුණු 59 ට කඩුලු 2 ක් දවා ගත්තේය.
පිළිතුරු ඉණිම ඇරඹු එංගලන්තයේ කඩුලු 2 ක් ලකුණු 48 ට දැවී ගිය ද,එතැන් පටන් ඊයේ දවස නිමාවන තෙක්ම ජොනතන් ට්‍රොට් සහ කෙවින් පීටර්සන් පිටියේ රැදී සිටිමින් පන්දුවට පහර එල්ල කළේ එංගලන්ත කණ්ඩායමට තරගය පිළිබද සුභවාදී බලාපොරොත්තු ඇතිවන ආකාරයෙන්ය.දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 111 ලෙස පැවති එංගලන්ත ට්‍රොට් ලකුණු 40 ක් සහ පීටර්සන් ලකුණු 29 ක් ලබා නොදැවී සිටිති.
ජයග්‍රහණය සදහා තවත් ලකුණු 229 ක් පිටුපසින් කඩුලු 8 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෝ ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට අද දවස තුළ සමත් වන බව නිසැකය.එය වෙනස් කිරීමට දැනට දකින්නට අභියෝගයක් නොවන අතර යම් ආකාරයකින් තරගයේ අද දිනය පසු වී තීරණය ලබන්නට හෝ තරගය ජය පැරදුමෙන් තොරව නිම වීමට නම් කාලගුණයෙන් විශාල බාධාවක් එල්ල විය යුතුය.
තරගයේ ලකුණු පූවරුව පහත සබදතාවයෙන් ලබා ගත හැකිය.

   

No comments: