Mar 26, 2012

ටෙස්ට් පිටියේ අංක එකේ කණ්ඩායම හමු වීම


ද ශ්‍රී ලංකා එංගලන්ත ප්‍රථම ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් සිතන ලද ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකාවට හමු වන්නේ මේ මොහොතේ  ටෙස්ට් ලෝකයේ දැවැන්තයන් බව අමතක කළ යුතු නැහැ.නමුත් සාජා හී පැවති පකිස්තානය සමල වූ ටෙස්ට් තරගාවලිය 3 – 0 ක් ලෙස පරාජය වූ එංගලන්තය උප මහද්වීපික තණතිලි වල හැසිරීම ගැන උභතෝකෝටිකයකට මැදි වී සිටිනවා.
කෙසේ හෝ නායක මහේල ජයවර්ධන වැඩි ආශාවක් දක්වන්නේ වේග පන්දු යවන්නන්ට බව පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී බංගලාදේශ තණතිලි තුළ කණ්ඩායම් සංයුතිය එක් දග පන්දු යවන්නෙකුට සීමා කිරීමෙන් පැහැදිළි කළා.මේ තත්ත්වය අනුව අද ද වේග පන්දු යවන්නන් තිදෙනෙකුම කණ්ඩායමේ රදවා ගැනීමට මහේල කල්පනා කළහොත් පුදුම විය යුතු නැහැ.එසේ වුව හොත් එය ලංකාවට අවාසියක් වීමට ඉඩ තිබීම කණගාටුදායක තත්ත්වයක්.
දෙපිළේම නායකයන් දෙදෙනා පළපුරුදු නායකයන් බැවින් රංගන හේරත් සහ ග්‍රෙහැම් ස්වෝන්ට මේ තරගයේ ප්‍රධාන භූමිකා ලෙස පත් කර ගැනීමට උත්සාහ දරනවාට සැක නැහැ.ඇතැම් විට මේ තරගයට එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රෝස්, මොන්ටි පනීසාර් ද කණ්ඩායමේ එකළොස් දෙනා අතරට කැදවා ගෙන ඒමට උත්සාහ කිරීමට ඉඩ තිබෙනවා.තරගය අද ගාල්ලේ දී ආරම්භ වීඹට නියමිතයි.

No comments: