Mar 28, 2012

ලෝකඩ දිනූ ශිරෝමාලී ට ගුවන්තොටේ දී හරසර





මොංගෝලියාවේ පැවති හයවන කාන්තා ආසියානු බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 69 බර පංතිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් ශිරෝමාලී වීරරත්න බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්  මව් බිමට පා තබද්දී හරසරින් පිළි ගැණුනා.රටවල් 17 ක ක්‍රීඩිකාවන් සහභාගි වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසව් හයක් සදහා ක්‍රීඩිකාවන් හයක් සහභාගි වූ අතර ඒ අතරින් පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ ශිරෝමාලි පමණයි.


වර්ථමානයේ ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපලවරියක ලෙස සේවය කරන ශිරෝමාලී බෙලිඅත්ත පුවක්දණ්ඩාව බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වෙනවා. මේ සමග වන ඡායාරූපවලින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනයේ සභාපති  ඕබ්‍රි කුරුප්පු,එහි ලේකම් මහේෂ් දහනායක,පොලිස්පතිවරයා වෙනුවෙන් එම අවස්ථාවට එක් වූ පොලිස් ක්‍රීඩා අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ටී තිලකරත්න,වත්මන් පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු ‍පොලිස් පරීක්ෂක ඩබ්ලිව්පී මෙණ්ඩිස් ශිරෝමාලා ගේ දෙමව්පියන් සහ ඥාතීන්,පොලිස් බොක්සිං කණ්ඩායමේ සාමාජිකයන් සහ බොක්සිං සම්මේලන නිලධාරීන් එම පිළිගැනීම සදහා එක්ව සිටි අයුරුයි.



No comments: