Mar 27, 2012

මුළු එංගලන්තයටම මහේල තනියෙන් මුහුණ දෙයි


එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එම තීරණය සැකයට භාජනය කරමින් එකා පිටුපස එකා ක්‍රීඩාගාරයට යද්දී මහේල ජයවර්ධන සිය තීරණයේ නිවැරදිභාවය තහවුරු කරමින් එංගලන්තයට එරෙහිව නායකත්වයේ වගකීම රැදුණු ඉණිමක් සමග නොදැවී ලකුණු 168 ක් ලබා සිටියි.දිනයේ යවන ලද පන්දු ඕවර් 90 න් ඕවර් 48.2 (පන්දු 290) කට මුහුණ දුන් මහේල ලබාගෙන සිටින ලකුණු 168 වෙනුවෙන් හතරේ පහර 20 ක් සහ හයේ පහර 3 ක් එක් කළේය.  
ලකුණු 15 ට කඩුලු 3 ක්ව තිබි ඉණිමට සිව්වන කඩුල්ල වෙනුවෙන් තිලාන් සමරවීර (20) සමග ලකුණු 52 ක් එක් කරන මහේල, එතැන් සිට දිනේෂ් චන්දිමාල් (27) සමග ලකුණු පූවරුව 128 දක්වා ලකුණු 61 ක සබදතාවයක් පස්වන කඩුල්ලටත් යළි අට වැනි කඩුල්ලට රංගන හේරත්(05) සමග පවත්වන ලකුණු 61 ක සබදතාවයත් හරහා අර්ධ ශතක සබදතා තුනක් නඩත්තු කර ගතිමින් ශ්‍රී ලංකා ඉණිම කඩුලු 8 ට ලකුණු 289 දක්වා රැගෙන විත් ඇත.
පන්දු යැවීමේදි ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 56 ට කඩුලු 3 ක් ලබා සිටින අතර එංගලන්තයේ ප්‍රධාන දග පන්දු යවන්නන් වන ග්‍රෙහැම් ස්වෝන් සහ පනීසාර් කඩුලු ලබා ගැනීමට අසමත් වෙද්දී ටෙස්ට් කෝඩුකාර සමිත් පටෙල් ලකුණු 27 ට කඩුලු 2 ක් ලබා ගැනීමට සමත් විය.තිලාන් සමරවීර මෙන්ම සුරාජ් රන්දිව් ද දුවද්දී දැවී ගිය අතර එය ටෙස්ට් තරගයක දිස් නොවිය හැකි අන්දමේ අසාමාන්‍යය සිදු  වීමක් වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත තරගයේ පළමු ඉණිමේ දී මෙම දැවී යාම් දෙක සිදුවීම නිසාය.
තරගයේ සමස්ත ලකුණු සටහනට මෙම සබදතාවය ඔස්සේ පිවිසෙන්න. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/current/match/521225.html

No comments: