Mar 25, 2012

වෙළද සේවා බැඩ්මින්ටන් ආධුනික තරගාවලියේ අවසන් දිනය අද



ඩීඑස්අයි ආයතනයේ AVI අනුග්‍රහය තෙවන වරටත් ලබමින් ක්‍රියාත්මක වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලියේ පස්වන දිනය හෙවත් අවසාන දිනය අදයි.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ ක්‍රියාත්මක මෙම තරගාවලිය සදහා මෙවර වැඩි සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර ඒ නිසා වැඩි තරගකාරීත්වයක් ද ප්‍රදර්ශනය විය.
අද පැවත්වෙන තරගවල ප්‍රතිපල අනුව තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන වෙළද ආයතන සමග ඇති කර ගත් ගිවිසුම අනුව ජයග්‍රාහකයන්ට 2013 වසරේ මාර්තු නිමා වීමට පෙර විදේශ සංචාරයක් හිමිවීම කැපී පෙනෙන සිදු වීමක් වන අතර ඊට අමතරව අනුග්‍රාහක AVI ආයතනය විසින් පිරිනමන ජය සංඛේත පිරිනැමේ.

www.supirikrida.com

No comments: