Mar 28, 2012

වොලිබෝල් නිලවරණයේදී ‘රොනී’ ඇගයේ


තිහාසයේ ප්‍රථම වරට සියලු නිලධාරීන් නිතරගයෙන් පත් වූ මෙවර වොලිබෝල් පාළක මණ්ඩල නිලවරණයේ දී හිටපු අමාත්‍යවරයෙකු වූ මෙන්ම හිටපු වොලිබෝල් පාළක මණ්ඩල සභාපතිවරයෙකු ද වූ රොනී ද මෙල් ඇගයීම විශේෂත්වයක් ගත්තේය.පැරණි නිලධාරීන් ඇගයීම යටතේ සිදු වූ මෙම ඇගයීමට හේතු වූයේ 1987 – 89 කාල වකවානුවේ ඔහු සභාපති තනතුර දරණ සමයේ වොලිබෝල් පාළක මණ්ඩලයට ස්ථීර නිවහනක් හිමි වීමත්,ජාත්‍යන්තර පුහුණු ඹධ්‍යස්ථානය එම අළුදියේ ඉදිවීමත් යන කරුණු ය.
නිලවරණයේදී අටවන වරටත් සභාපති ලෙස අමාත්‍ය ඩිලාන් පෙරේරා තේරී පත් වූ අතර ලේකම් ධූරයට සුසිල් රණසිංහ තේරී පත් විය.උප සභාපතිවරුන් ලෙස  කරුණාරත්න අමරසිංහ,බණ්ඩාර‍ හේරත්,පළාත් සභා මංත්‍රී කාංඡන ජයරත්න,පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම,ලලිත් පියුම් පෙරේරා සහ රොහාන් පතිරගේ යන අය තේරී පත් විය.භාණ්ඩාගාරික තනතුර රොහාන් සෝමවංශ ට හිමි වූ අතර උප භාණ්ඩාගාරික ධුරය ප්‍රියන්ත ජයකොඩිත්, නියෝජ්‍ය ලේකම්වරුන් ලෙස කේආර්ඩීසී රත්නමුදලි සහ මහේෂ් අබේරත්නත් තේරී පත් වූහ.
ප්‍රධාන ‍සංවිධායක ලෙස නලීන් ගම්ලත් තේරී පත් වූ අතර ක්‍රීඩා පිටි ලේකම් ලෙස එස් ඒ නාලක තේරී පත්විය.ඡායාරූපයේ දැක්වෙන්නේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා විසින් හිටපු අමාත්‍ය රොනී ද මෙල් විසින් වොලිබෝලයට කරන්නට යෙදුණ සේවය අගයා සිහිවටනයක් පිරිනැමූ අයුරුයි.

No comments: