Mar 24, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායකත්වය වියපත් බඹරෙකුට


න්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යතාවය මත එංගලන්ත කණ්ඩායම සමග පවත්වන ක්‍රිකට් තරගාවලියට ඇතුළත් නොකිරීමට තීරණය වීමත් සමග ඊයේ දිනය තුළ දෙවන වරටත් සංශෝධනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය තිලාන් සමරවීරට පැවරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.මේ තිලාන් ඒ සදහා නම් කරන ලද ප්‍රථම අවස්ථාව වන අතර අනාගතයට පලදායක විය නොහැකි වියපත් ක්‍රීඩකයෙකුට උප නායකත්වය පැවරීමෙන් තේරීම් කමිටුව කුමක් බලාපොරොත්තු වන්නේ දැයි සිතා ගැනීමට අපහසුය.
මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ගෙන් හිස් වන කණ්ඩායමේ ස්ථානය චාමර සිල්වා ට පැවරීමට තීරණය කර ඇත.චාමර වසර හතරකට පමණ පසුව කණ්ඩායමට ඇතුළත් වී ඇති අතර සුරාජ් රන්දිව්ට ද කණ්ඩායමේ ස්ථානයක් හිමි වී ඇත.ටෙස්ට් පන්දු යවන්නෙකු ලෙස යහපත් ප්‍රවේශයක් ලද ශමින්ද එරන්ද ආබාධයකට ලක් වීම නිසා කණ්ඩායමෙන් ඉවතට ගිය අතර නමුත් ආසියානු තරගාවලියේදී ඔහු නැවත කණ්ඩායමට කැද වූවේ ඇන්ජලෝ මැතිව්ස් ගේ ආබාධ තත්ත්වය හේතුවෙන්ය.
එහෙත් ඕස්ට්‍රේලියාවට එරෙහිව හොද දසකම් දැක් වූ ඔහු වෙනුවට ටෙස්ට් තරග වල දී චානක වෙළගෙදර ට සහය දැක්වීම සදහා කැදවා ඇති පන්දු යවන්නන් අතර ශමින්ද නැති අතර එහි ඇත්තේ ධම්මික ප්‍රසාද් සහ සුරංග ලක්මාල් ය.ලක්මාල් බංගලාදේහය අතර තරගයේදී තීරනාත්මක මොහොතේදී බංගලාදේශය දෙසට තරගය හරවා දීමට අවශ්‍යය පසුබිම සකස් වූ ක්‍රීඩකයා වුව ද ඔහු ට කලෙක සිට කණ්ඩායමේ ස්ථානයක් නිතැතින් වෙන්ව පැවතීම සුලභ කරුණක් වී ඇත.ඔහු හම්බන්තොට ප්‍රදේශයෙන් පැමිණි ක්‍රීඩකයෙකු බැවින් මෙසේ ස්ථානය හිමිවීම පිටුපස දේශපාලන ආශිර්වාදයක් ඇති බවට පැතිර යන රාවය දේශපාලන නායන නායකාදීන්ගේ කීර්ති නාමයට ද හානි පමුණුවන තත්ත්වයක් ඇති කර ඇත.

No comments: