Mar 20, 2012

කරාටේ,ජූඩෝ සහ බේස්බෝල් ක්‍රීඩා සදහා ජපන් පුහුණුව


ලාංකේය ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා අන්තර් ජාතික  වශයෙන් පිළිගත් දැණුමක් ඇති පුහුණුවක් ලබා දීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය ගත්තා උත්සාහයේ එක් ප්‍රතිපලයක් හැටියට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජපන් තානාපති මොබිහිටෝ හොබෝ අතර පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස මෙරට ක්‍රියාත්මක කරාටේ,ජූඩෝ සහ බේස්බෝල් ක්‍රීඩා සදහා ජපන් පුහුණුකරුවන් ලබා දීමට ජපානයේ කැමැත්ත පළ වී ඇත.එසේම  JICA ආධාර යටතේ ක්‍රීඩා සංවර්ධනය සදහා දායකත්වය දැක්වීම කෙරෙහි මෙන්ම ක්‍රීඩා අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකරුවන්ට නිලධාරීන්ට පුහුණු අවස්ථා සහ උසස් ඩිප්ලෝමා දැණුමක් ලබා ගැනීමේ ඇති ඉඩකඩ පිලීබදවද මෙහිදී අවධානයට ලක්ව ඇත.
එසේම ඉදිරියේදී ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම කෙරෙහිද අවධානය යොමු වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගුණාත්මක තත්ත්වය සැළකිල්ලට ගෙන ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව  දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කිරීමටද මෙහිදී ජපාන තානාපතිවරයා ක්‍රියා කර ඇත.ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් විජයානන්ද අලුත්ගමගේ, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන අයද එක්ව සිටියහ.

No comments: