Mar 22, 2012

ලාංකේය ක්‍රිඩාවට රුසියානු හොද හිත


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය පිණිස රුසියානු රජයේ සහය පළවන අවබෝදාත්මක ගිවිසුමකට අත්සන් තැබීමට රුසියානු තානාපති ව්ලැඩ්මිර් පී මිකායොලොව් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමග එකගතාවය පළ කර ඇත.තානාපතිවරයා පසුගියද ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කර ඇති අතර ලාංකේය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දැණුම වැඩි දියුණු කර නවීන ලෝකය සමග යාවත්කාලීන කිරීමට අවශ්‍යය අධයාපනික අවස්ථා රුසියානු රජයේ සහය ඇතිව ලබා දීමට ද එකග වී තිබේ.
රාජ්‍යතාන්ත්‍රිකව ශ්‍රී ලංකා රජයට හැකි සෑම විටෙකම සිය සහය පළ කරන බව එහිදි තානාපති වරයා ක්‍රීඩා අමාත්‍යවරයාට දැණුම් දී ඇති අතර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සහ ඉදිරි ජාත්‍යන්තර ඉසව් ඉලක්ක කර ක්‍රීඩා සදහා ඉහළ ජාත්‍යන්තර පුහුණු දැණුම ආයෝජනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගෙන ඇති තීරණයට අනුව ටෙනිස් සහ ස්කොච් ක්‍රීඩා සදහා රුසියානු පුහුණුකරුවන් ලබා දීමට සහ බීච් වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය සදහා රුසියානු රජයේ උපකාරය ඇතිව ස්වෙච්චා පුහුණුකරුවන් ලබා දීමටද එහිදී තානාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා හා එකග වී ඇත.

No comments: