Mar 19, 2012

ශ්‍රී: ලංකාවට අවසාන තරගය ගැන තිබූ අවසන් බලාපොරොත්තුවත් කෝලි විසින් අහවර කරයි

සියානු කුසලානය පිළිබදව ශ්‍රී ලංකාවට තිබූ අවසාන බලාපොරොත්තුවත් අහිමි කළ විරාට් කෝලී පකිස්තානය ඉන්දීයාවට එරෙහිව ලබා ගත් ලකුණු 329 ක ලකුණු ප්‍රමාණය පහසුවෙන් අභිබවා යා හැකි තත්ත්වයක් උදා කරමින් අගනා ලකුණු 189 ක් රැස් කළේය. පන්දු 148 දී හතරේ පහර 22 ක් සහ හයේ පහර එකක් සමග ගලා ආ මෙම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට කෝලිට හැකි වූයේ ඉන්දියාව කිසිදු ලකුණක් නොලබා  එක් කඩුල්ලක් දැවී සිටියදී පිටියට පැමිණීමෙන් පසුව වීම වඩාත් කැපී පෙණින.
සචින් තෙන්දුල්කාර් (52) සමග ලකුණු 133 ක සබදතාවයක් දෙවන කඩුල්ල වෙනුවෙන් පැවත් වූ කෝලි තෙවන කඩුල්ලට රෝහිත් ෂර්මා (68) සමග ලකුණු 172 ක සබදතාවයක් පවත්වන්නට සමත් විය.ලකුණු 00 ක් ව තිබියදී ක්‍රීඩා පිටියට පිවිසි කෝලි ලකුණු 318 ක් ව තිබියදී ක්‍රීඩා පිටියෙන් ඉවත් වන විට තවත් පන්දු 18 ක් තුළ ඉන්දියාවේ ඉලක්කය ලකුණු 12 ක් දක්වා  කෙටි වී තිබිණ.තවත් පන්දු 4 දී සුරේෂ් රයිනා සහ නායක මහේන්ද්‍ර සිං දෝනි එම ඉලක්කයට ඉන්දියාව කැදවා ගෙන ගියේ තඩුලු 6 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සටහන් කරමින් ය.
කාසියේ වාසිය ලැබූ පකිස්තාන් නායක මිස්බා උල්හක් පළමුව පන්දුවට පහර දීට ගත් තීරණයට සාධාරණය ඉටු කළ පකිස්තාන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මොහොමඩ් හෆීස් (105) සහ නසීර් ජම්ෂේඩ් (112) ප්‍රථම කඩුල්ල සදහා ලකුණු 224 ක් එක් කළේ පන්දු ඕවර් 35.5 ක් තුළය.නමුත් පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව පකිස්තානයට හනි හනික කඩුලු අහිමි වී යාමට පටන් ලත් අතර ඒ හදිසි ඇද වැටීම හමුවේ නොසැලී සිටිමින් යුනිස් ඛාන් රැස් කළ ලකුණු 52 නිසා පකිස්තාන් ලකුණු පූවරුව 339 දක්වා ඉහළ ගිය අතර  උමාර් අක්මාල් 28 සමග යුනිස් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සබදතාවයක් පැවත්වීය.
හෙට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන තරගය ජය ගත්තද ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට අවස්ථාවක් නැති අතර නමුත් බංගලාදේශය ජය ගතහොත් ජයග්‍රහණයේ ස්වභාවය අනුව අවසාන තරගයේ ප්‍රතිවාදියා වීමට බංගලාදේශයට අවස්ථාවක් ඇත.දැනටමත් ශ්‍රී ලංකාව සමග පැවති තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගත් පකිස්තානය අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රී ලංකාව සමග තරගය බංගලාදේශය ජය ගතහොත් පකිස්තානයේ ප්‍රතිවාදියා තෝරා ගනු ලබන්නේ ඉන්දියාව සහ බංගලාදේශය රදවාගෙන ඇති ලකුණු වේගය මතය.යම් අකාරයකින් බංගලාදේශය ශ්‍රී ලංකාවට එරෙහි තරගය ප්‍රසාද ලකුණක් ද සමග ජය ගතහොත් බාධාවකින් තොරව පකිස්තානය සමග තරගයට පිවිසීමට බංගලාදේශයට අවස්ථාව උදා වනවා ඇත.
පහත දැක්වෙන්නේ දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වාර්තා වූ ඉන්දීය - පකිස්තාන තරගයේ ලකුණු පූවරුවට සම්බන්ධ වීමට ඇති සබදතාවය ය.



No comments: