Mar 19, 2012

‘සියනෑ තරු’ – ‘විජය’ සූරයෝ සහ සූරියෝ සමීර ට සහ දිනේෂා ට දක්ෂතම ක්‍රීඩක කිරුළු

සියනෑතරු

යලොග් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මුල් වට වල සිට පැවති තරගකාරීත්වය සගවා ගත් අවසාන තරග දෙකකින් පසු ගම්පහ සියනෑතරු පිරිමි සූරතාවයත් කොස්වාඩිය විජය කාන්තා සූරතාවවයත් දිනා ගනිමින් තරගාවලිය නිමාවට පත්විය.පිරිමි අවසාන තරගයේදී දෙබෑගම රන්තරු ක්‍රීඩා සමජයටත් කාන්තා අවසාන තරගයේදී රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයටත් සිය ප්‍රතිවාදීන්ට බලාපොරොත්තු වූ තර්ජනය එල්ල කිරීමට ඉඩ නොලැබුණු අතර අවසාන තරග දෙකම නිමාවට පත් වූයේ තරග වට 3- 0 ක් ලෙසය.
විජය
 
තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග පැවති රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී ලැබුණු උනුසුම් ප්‍රේක්ෂක සහභාගීත්වය අවසාන තරග පැවති නිට්ටඹුවේදී තව දුරටත් ඉහළ ගොස් තිබුණු බව ප්‍රකාශ කළ වොලිබෝල් සම්මේලන ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම තරගාවලිය ජනාධිපති රන් කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වය ලද තරගාවලිය ලෙස ඉතිහාසයට එක්වන බවය.දැවැන්ත ප්‍රේක්ෂක ආශිර්වාදයක් ලද අවසාන තරග යුගලයේ දී දක්වන ලද දක්ෂතා සැළකිල්ලට ගෙන දක්සථම ක්‍රීඩකයා ලෙස සමීර දිසානායකත් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වර්ථමාන ශ්‍රී ලංකා නායිකා දිනේෂා ප්‍රසාදිනීත් සම්මාන ලැබූහ.සමීර සියනෑතරු ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර දිනේෂා කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවකි.

No comments: