Mar 22, 2012

බස්නාහිර පළාත් කාල්ටන් මරතන් ජය තෙන්නකොන්ට සහ මංජුලා ට


මෙවර ජාතික ක්‍රීඩා උළෙල ආහ්‍රිතව පවත්වනු ලබන අන්තර් පළාත් මැරතන් තරගාවලියේ බස්නාහිර පළාත් මැරතන් තරගය ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් කාල්ටන් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ අතර එහි පිරිමි අංශයේ ජය ටී ගුණසේකර විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ ජය ඉකුත් වසරේ ජාතික ක්‍රීඩා තරගාවලියේ දී ජාතික ක්‍රීඩා උළෙලක හොදම මැරතන් නිමා කිරීමේ කාලය වාර්තා කරමින් ජය ගත් මංජුලා කුමාරසිංහ විසින් දිනා ගත්තාය.
කාන්තා අංශයේ දෙවන ස්ථානය එම්එස්පීඑම් පෙරේරා විසින් ද තෙවන ස්ථානය ඩීපීඑම්එච් මධුශිකා විසින් ද දිනා ගත්තාය.පිරිමි අංහයේ දෙවන ස්ථානය මහේෂ් ගුණතිලකට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ඒඑල්පීකේ පිගේරාට ය.මෙම පළාත් තරග වල විශේෂත්වය වන්නේ,කාල්ටන් අනුග්‍රහය සමග ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමි වීමය.දෙවන ස්ථානයට රුපියල් 50,000 ක් ද තෙවන ස්ථානය සදහා රුපියල් 25,000 ක් ද පිරිනමන අතර දහවන ස්ථානය දක්වාම මුදල් ත්‍යාග පිරිනැමේ.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් මංජුලා කුමාරසිංහ ට තරගයේ ජය සංඛේත ප්‍රදානයට එක් වූ පන්ඩු බණ්ඩාරනායක අමාත්‍යවරයා ජය සංඛේත ප්‍රදානය කළ අයුරුයි.

No comments: