Mar 23, 2012

සැබෑ අවසන් තරගයකින් පසුව කුසලානය පකිස්තානයට


සියානු කුසලාන අවසන් තරගය අවසන් තරගයක පැවතිය යුතු සියලු ගුණාංග වලින් පුරවා ලූ පකිස්තාන් සහ බංගලාදේශ ක්‍රීඩකයෝ තරගයේ අවසාන පන්දුව තෙක්ම තීරණය පිළිබද අවිනිශ්චිත බව සුරැකි අතර අවසාන පන්දුවේදී අයිෂස් චීමාගේ නැණවත් පන්දු යැවීම පදනම් කර ගෙන ලකුණු 2 ක ජයක් සමග ආසියානු කුසලානය පකිස්තානය ට හිමි විය.
බංගල‍ාදේශය බලාපොරොත්තු වූ පරිදිම කාසියේ වාසිය දිනා ගත් අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දීම පකිස්තානයට පැවරිණි.බංගලදේශයේ තීරණය නිවැරදි බව පසක් කරමින් පන්දු ඕවර් 21.2 ක් වෙද්දී පකිස්තානයේ කඩුලු 4 ක්ම පකිස්තානයට අහිමි වී තිබිණි.අනතුරුව උමාර් අක්මාල් සහ හැමඩ් අසාම් සමග එක්ව පස්වන කඩුල්ලට ලකුණු 59 ක සබදතාවයක් ක්‍රියාත්මක කළේය.එහෙත් පකිස්තානයේ ලකුණු වේගය ඉහළට දැමීමේ ක්ෂණික මෙහෙයුම ක්‍රියාත්මක වන්නට ගත්තේ හත්වන කඩුල්ල වෙනුවෙන්ය.කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් සමග එක් වූ සහීඩ් අෆ්රිඩී පන්දු 22 කින් ලකුණු 32 ක් ලබා නොගන්නට පකිස්තානයට ලකුණු 200 වුව ද තිබුණේ බොහෝ ඈතට වන්නට‍ය.සෆ්රාස්,අෆ්රිඩී දැවී යාමෙන් ඉක්බිතිව වගකීම සියතට ලත් අතර ඔහුගේ මෙහෙයවීමෙන් පකිස්තානු ඉණිම කඩුලු 9 ට ලකුණු 236 දක්වා  විහිදිණ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු නොකළ දග පන්දු යැවීම ඉහළින් මතු වී පෙණුනු අතර අබ්දූල් රසාක් ලකුණු 26 ට කඩුලු 2 ක් සහ සකීබ් අල් හසන් ලකුණු 39 ට කඩුලු 2 ක් ලබා ගනිමින් කැපී පෙණින.
බංගලාදේශ ඉණිමට යහපත් ආරම්භයක්  ලැබිණ.එය ලකුණු 68 ක් වූ අතර එහිදී නසිමූදීන් දැවී යාමෙන් අනතුරුව ජහුරල් ඉස්ලාම් ලකුණු නොලබා දැවී යාමෙන් පසු තරගාවලිය පුරාම බංගලාදේශ ඉණිමට ශක්තිය සැපයූ තමීම් ඉක්බාල් ගේ පිත්තද ලකුණු 60 ක් ලබා සිටිය දී අක්‍රිය වීමත් සමග බංගලාදේශ ඉණිම කඩුලු 3 ට ලකුණු 81 ක් ලෙස දිස් වන්නට විය.ඒ ඇද වැටීමෙන් බංගලාදේශ ඉණිම ගොඩ ගන්නට දායකත්වය සැපයූ තරගාවලිවයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ජගත් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා වන සකීබ් අල් හසන් අගනා ලකුණු 68 ක් එක් කළේ සිව්වන කඩුල්ලට නසීර් හොසේන් (28) සමග ලකුණු 89 ක සබදතාවයක් පවත්වමින් ය.නමුත් එහිදී නසීර් ගේ දායකත්වය අතිශයින් මන්දගාමී වූ නිසා බංගලාදේශයට ළගා වන්නට තිබූ ලකුණු ප්‍රමාණය කරා යාමට විශාල ඕවරයකට රැස් කර ගත යුතු ලකුණු ප්‍රමාණය ඉහළ ගියේය.
නමුත් මස්රෆි මොර්ටාසා සහ මහමදුල්ලාහ් ගේ දායකත්වයෙන් යළිත් බංගලාදේශ ඉණිමට පණ ලැබුණු අතර තරගයේ අවසන් ඕවරයේදී පන්දු යැවූ අයිෂස් චීමා තරමට අබ්දූල් රසාක් නැණවත් නොවීම නිසා පන්දු දෙකට ලකුණු 4 ක් ජයග්‍රහණය සදහා අවශ්‍යයව තිබියදී ඔහු දැවී ගිය අතර ඒ නිසා එක පන්දුවකට ලකුණු 4 ක් වූ ඉලක්කයට පිවිසීමට පන්දුවට පහර දෙමින් සිටි විශ්වසනීය පිතිකරුවා වූ මහමදුල්ලාහ්ට ද අවස්ථාව අහිමි වී ගියේය.
බංගලාදේශය මෙන්ම පකිස්තානය ද බංගලාදේශ පිතිකරුවන් පාලනයට දග පන්දුවම යොදා ගත් අතර ඒ අතරින් පිත්තෙන් පකිස්තාන ඉණිම ඔසවා තැබීමේ කාර්යේදී පෙරමුණ ගත් අෆ්රිඩී පන්දු යැවීමේදී ද සිය පන්දු ඕවර් 10 ලකුණු 28 ට සීමා කළේ එක් කඩුල්ලක්ද ලබා ගනිමින් තරගයේ වීරය‍ා සම්මානයට ද සුදුසුකම් ලබමින්ය.අයිෂිස් චීමා මනා පාලනයකින් යුතුව පන්දු සංකලනයක් භාවිතයට ගත් අතර ඔහු තරගයේ තීරණාත්මක අවස්ථාවල දී තරගය පකිස්තානය දෙසට හැර වීමට මූලිකත්වය ගනිමින් ලකුණු 46 ට කඩුලු 3 ක් ලබා ගත් අකාරය කැපී පෙණින.
තරගයේ ලකුණු විස්තරය
http://www.espncricinfo.com/asia-cup-2012/engine/current/match/535800.html මෙම සබදතාවය තෙරපීමෙන් ලබා ගත හැකි අතර  තරගාවලියේ ක්‍රීඩක දක්ෂතා දත්ත පිළිබද විමසීමට http://www.espncricinfo.com/asia-cup-2012/engine/series/524504.html?view=records මෙම සබදතාවයද තරගාවලිය ආශ්‍රිත වාර්තා ගැන දැන ගැනීමට මෙම http://stats.espncricinfo.com/asia-cup-2012/engine/records/index.html?id=14;type=trophy සබදතාවය ද භාවිතයට ගැනීමට හැකිය

No comments: