Mar 24, 2012

පෝලන්ත සූරතාවලියේදී නිලූක අවසන් අට දෙනාට අචිනි පළමු වටයෙන් සහ චන්ද්‍රිකා සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉවතට


පෝලන්තයේදී මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින පෝලන්ත විවෘත බැඩ්මින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිලූක කරුණාරත්න අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.කාන්තා අංශයෙන් තරග වදින ක්‍රීඩිකාවන් වන අචිනි රත්නසිරිට සහ චන්ද්‍රිකා ද සිල්වා ට නිලූක මෙන් සෘජ්ව තරගකාරී වටයට පිවීසීමට අවස්ථාව නොලැබුණ අතර එහිදී අචිනි සහභාගි වූ මූලික වටයේ තරග තුනම ජ‍යගෙන මූගික වටයට සුදුසුකම් ලැබූ අතර චන්ද්‍රිකා එක තරගයක් ජය ගෙන ඊ ළග තරගයේදී පරාජයට පත් වූ බැවින් මූලික වටයට සුදුසුකම් ලබා ගැනීම ඇයට අහිමි විය.
නිලූක මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ගේ වර්ගීකරණයට අනුව තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් අට වන තැන සිටින අතර මාසයක පමණ විවේකයකින් පසුව සහභාගි වූ පළමු තරගයේ ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ඔස්ට්‍රියාවේ ලුකා වරබර්ය.වර්බර් ප්‍රථම වටයේදී නිලූකට හොද තරගයක් ලබා දුන්න ද ලකුණු 21 /19 ක් වූ ප්‍රථම වටයෙන් පසුව දෙවන වටයේ දී නිලූක ලකුණු 14/9 ක් ව පවතිද්දී ලුකා සෞඛ්‍ය තත්ත්වය මත තරගයෙන් ඉවත් විය.අනතුරුව පැවති තරගය යළිත් නීලූකගේ දක්ෂතා රුසියාවේ ඉවාන් සොෂොනොව් විසින් පසු පසට අදින්නට උත්සාහ කළ ද එය ප්‍රථම වටයේ ජය 24/22 ක් ලෙස කළ අභියෝගයට සීමා වූ අතර දෙවන වටයව 21/14 ක් ලෙස ජය ගන්නට නිලූකට හැකි විය.
අර්ධ අවසන් වටයේදී නිලූක ගේ ප්‍රතිවාදියා වන්නේ මෙම තරගාවලිය ආශ්‍රිතව කරන ලද ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින ස්පාඤ්ඤයේ ෆැබ්ලෝ ඒබියන් ය.වර්ථමානයේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල අංක 20 ට සිටින ෆැබ්ලෝ කලෙකට පෙර නිලූකට පරාජය වී ඇති ක්‍රීඩකයෙකු බැවින් මෙම තරගයට හොද විහ්වාසයකින් මුහුණ දීමට නිලූක සූදානම් බව පෝලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.
කාන්තා සුදුසුකම් ලැබීමේ වටය නියෝජනය කළ චන්ද්‍රිකා ද සිල්වා එක් තරගයක් ජයගත් අතර දෙවන තරගයෙන් පරාජය වීම නිසා තරගකාරී ප්‍රථම වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූවා ය.එක් නිතරග ජයක් සමග සුදුසුකම් ලැබීමේ තරග තුනම ජයගත් අචිනි රත්නසිරි තරගකාරී ප්‍රථම වටයට සුදුසුකම් ලබා ගත්තද,එම වටයේ ප්‍රථම තරගයෙන්ම ඇය ඉන්දියාවේ අරුන්දතී පත්මවානි පරාජය අතින් පරාජය වූවා ය.

No comments: