Mar 20, 2012

srilankasports.com අවුරුදු 15 න් පහළ අත්පන්දු තරගාවලියට කණ්ඩායම් විසි අටක්


  
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලිය සම්බන්යෙන් පාසල් අත්පන්දු සම්මේලනය සහ srilankasports.com අතර ඇතිකර   ගත් ගිවිසුම හුවමාරු කර ගත් අයුරුයි.ඡායාරූපයේ වමේ සිට පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප්‍රදීප්,එම සංගමයේ සභාපති කොළඹ ඩීඑස් සේනානයක විද්‍යාලයේ විදුහල්පති ඩීඑම්ඩී දිසානායක සහ srilankasports.com හී සංස්කාරක හිෂාන් වැල්මිල්ල


ලාංකේය ක්‍රීඩා කේෂ්ත්‍රයට ක්‍රීඩාවේ ප්‍රගමනයට සහ ජනප්‍රියතවය වර්ධනයට අවශ්‍යය වන ආකාරයෙන් ක්‍රීඩා ඉසව් කිහිපයක් හදුන්වා දුන් srilankasports.com පාසල් අත්පන්දු සම්මේලනය සමග එක්ව එළැඹෙන 24 සහ 25 යන දෙදින තුළ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වනු ලබන අවුරුදු 15 න් පහළ අත්පන්දු තරගාවලියට බාලක කණ්ඩායම් 16 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සශභාගීවීමට නියමිතව ඇත.අවුරුදු 15 න් පහළ වයස් ඛාණ්ඩයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළමු ගෘහස්ථ අත්පන්දු තරගාවලිය වන මෙම තරගාවලියට  කණ්ඩායම් තෝරා ගැනීම සිදු කර ඇත්තේ පාසල් අත්පන්දු සම්මේලනයේ නිර්දේශයන්ට අනුව එම සංගමය විසින් පවත්වන්නට යෙදුණ ජාතික තරගාවලියේ දක්ෂතා පදනම් කර ගෙනය.
  තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන තරග කුසලාන සහ සහතික පත් ප්‍රදානයන්ට අමතරව තරගාවලියට සහබාගිවන සෑම ක්‍රීඩකයෙකුටම පාසල් අත්පන්දු සම්මේලනයේ නිර්දේශයන් සහිතව සහභාගිත්ව සහතිකයක් පිරිනැමීමට srilankasports.com වේබ් අඩවිය විසින් කටයුතු සම්පාදනය කර තිබීම විශේෂත්වයකි.


No comments: