Jul 6, 2013

ඉන්දියාව යළි උපදියි

Umesh Yadav is congratulated after a wicketකොදෙව් දූපත් වල පැවත්වෙන තුන් කොන් තරගාවලිය වඩාත් විවෘත මුහුණුවරකට පෙරළු ඉන්දියාව තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ප්‍රසාද ලකුණක්ද සමග වාර්තා කිරීමට ඊයේ සමත් වුණා.කාසියේ වාසිය ලැබූ ඩ්වේන් බ්‍රාවෝ පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළ අතර ඔවුන්ට චැම්පියන්ස් කුසලාන දිනා ගැනීමට බල පෑ ප්‍රධානතම සාධකය බවට පත් වූ රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් තුන් කොන් තරගාවලියේ ප්‍රථම වරට සාර්ථක වෙමින් ඊයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සබදතාවයක් පවත්වන්නට යෙදුණා.අනතුරුව පිටියට පිවිසි ඉන්දියාවේ ප්‍රධානතම පිතිකරු බලාපොරොත්ුව බවට පත් වී සිටින විරාට් කෝලි නායකත්වයේ වගකීම ද සමගින් අපූරු ඉණිමක් ක්‍රීඩා කළේ ලකුණු 102 ක් රැස් කරමින්.පන්දු 83 දී හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමග වාර්තා වූ එම ඉණිම ආධාර කර ගත් ඉන්දීය ලකුණු පූවරුව ඕවර් 50 නිමා වන විට කඩුලු 7ට ලකුණු 311 ක් ලෙස සටහන්වී තිබුණා.
පිළිතුරු ඉණිමට පිවිසි කොදෙව් පිතිකරුවන්ට ලකුණු 300 යන්න යම්කිසි ආකාරයක මානසික පීඩනයක් ඇති කර තිබෙන බව පැහැදිළි කළ අතර ජොන්සන් චාල්ස් (45) හැරෙන්නට අන් කිසිදු මුල් පෙළ පිතිකරුවෙකු සාර්ථක වන්නට හැකි වූයේ නැහැ.තරගයේ අග බාගයේ කැමරන් රෝච් වගකීමෙන් යුතු ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 34 ක් එක් කළ ද,එය ඉන්දියාවට තරගය ප්‍රසාද ලකුණක් සහිතව ජය ගැනීම වැළක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදෙව් 32 ට කඩුලු 3 ක් ලබා ගත් අතර බුවනේෂ් කුමාර් කඩුලු 3 ක් ලකුණු 19 ට ලබා ගත්තා.ආරම්භක පන්දු යවන්නන් ලෙස තරගය ආරම්භයේ සිටි එම දෙදෙනා ඇති කළ පීඩනය හේතුවෙන් කොදෙව් ඉණිම පන්දු ඕවර් 34 දි ලකුණු 171 ට සීමා වුණා.වර්ෂාව නිසා පන්දු ඕවර් 39 දී ලකුණු 274 ක් වූ කොදෙව් ඉලක්කය අසාර්ථක වෙමින් ඉන්දියාවට ලකුණු 102 ක ජයක් අත් වුණා.
ලකුණු පූවරුවට - http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597926.html

www.supirikrida.com

No comments: