Jul 3, 2013

8250 කගේ සවියෙන් ආලෝකමත් වන 65000 කගේ වොලිබෝල් -ඩීඑස්අයි වොලිබෝල් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සාරවත් වොලිබොල් ක්‍රීඩාවක් සදහා වන පැල තවාන බදු ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලිය සදහා මෙවර වාර්තාගත කණ්ඩායම් 5 500 ක දායකත්වය හිමි වී ඇත.අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ එකගතාවය මත මෙවර සිට තරගාවලියට ඇතුලත්ව තිබූ අවුරුදු 12න් පහළ කිඩ්ස් වොලිබෝල් තරගාවලිය නවතා දමා තිබියදී ඊට ඉදිරිපත් වන කණ්ඩායම් 1000 ක පමණ අඩුව තිබියදීත් මේ තත්ත්වය වාර්තා වීම කැපී පෙනෙයි.
තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයේ සභාපති නන්දදාස රාජපක්ෂ මහතා මෙන්ම ආයතනයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෝමවංශයන් ද දැක් වූ අදහස් වලට අනුව එම ආයතනයේ සේවය කරන 8250 ක් වූ සමස්ත සේවක මඩුල්ලේ ශ්‍රම දායකත්වයේ ප්‍රතිපලය මත මෙවර ඩීඑස්අයි වොල්බෝල් තරගාවලිය නියෝජනය කරන 65000 ක පමණ වන පාසල් සිසුන්ගේ වොලිබෝල් ජීවිත ආලෝකමත් වනු ඇත.එසේම ශ්‍රී ලංකාව ආසියාවේ පළමු කණ්ඩායම් අට අතරට පත් වන විට එම කණ්ඩායම තුළ සිටි සියළුම ක්‍රීඩකයන් ඩීඑස්අයි වොලිබෝල් තරගාවලිය හරහා මතු වූ දක්ෂයන් වූ බව ද පෙන්වා දුන්නේය.එසේම ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් ලබා ඇති ඉහළම ජයග්‍රහණය වූ ආසියාතික පාසල් වොලිබෝල් තරගාවලියේ තෙවනතැනට පත් වූ කණ්ඩායම සදහා එවකට ක්‍රීඩකයන් තේරීම සදහා ප්‍රධාන වශයෙන්ම පදනම් කර ගෙන තිබුණේ ද ඩීඑස්අයි තරගාවලිය ය.
තරගාවලිය සුපුරුදු පරිදි දිස්ත්‍රික්,පළාත් සහ ජාතික ලෙස ක්‍රියාත්මක වන අතර අධයාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ මෙන්ම වර්ථමාන පාසල් වොලිබෝල් සංගමයේ සභාපති ජයසේකරයන් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් අනුව මෙවර තරගාවලිය පාසල් වල විභාග කටයුතු වලට බාධාවක් නොවන පරිදි පැවත්වීමට කාල වකවානු සකස් කර ඇති බව පෙන්වා දුන්නේ වොලිබොල් පාළක මණ්ඩල සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් ය.
අදාළ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති අතර,ඒ සදහා මේ සටහනේ ඉහළින් නම් සදහන් පිරිසට අමාතරව වොලිබෝල් සම්මේලනයේ උප සභාපති,සබරගමුව පළාත්සභාවේ සභාපති කාංචන ජයරත්න මෙන්ම වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ ද එක් වී සිටියහ.
www.supirikrida.com







No comments: