Jul 4, 2013

ලංකාවෙන් නේපාලයට දැවැන්ත පරාජයක්

සියානු යොවුන් දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව තවත් වාර්තාගත ජයග්‍රහණයක් සනිටුහන් කරමින් නේපාල කණ්ඩායම ලකුණු 133 - 10 ට පරාජයට පත් කළා.ඒ අනුව මාල දිවයිනට එරෙහිව ශ්‍රී ලංකා පිළි ලැබූ වැඩිම ලකුණු ගණනේ වාර්තාව බිද වැටෙන අතර එම වාර්තාව නේපාලයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ඉදිරියේ සනිටුහන් වෙනවා.මීට පෙර නේපාලය මෙම තරගාවලියේ සිංගප්පූරුවට ලකුණු 109 ක් ලබා ගැනීමට ඉඩ ලබා දුන් අතර එහිදී සංගප්පූරුව නේපාල කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 4 ක් පමණයි.අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල් විදින්නියන්ගෙන් ලැබෙන සහයෝගයට සාපේක්ෂව සිය දැල රැක ගැනීමට සිංගප්පූරු ආරක්ෂක ක්‍රීඩිකාවන් තරම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාවක් නැති දැයි යන සැකය ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු ප්‍රමාණයෙන් යම් පැහැදිළි කිරීමක් සිදුවන අතර මෙය හෙට ශ්‍රී ලංකාවේ පළමු වටයේ අවසාන තරගය වන සිංගප්පූරුවට එරෙහි තරගයේදී දැඩිව අවධානය යොමු කළයුතු තත්ත්වයක්.
මේ දක්වා පැවති තරග පිළිබදව විමසා බලන විට ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට ලකුණු 56 ක් ලබා දී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ එම කණ්ඩායම් වලට සංගප්පූරුව රැස් කරන්නට දී ඇත්තේ ලකුණු 32 ක් පමණයි.මේ තත්ත්වය ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ අවධානයට අද තරගයේදී ලක් විය යුතු අතර සිංගප්පූරුව ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 259 ක් ලබද්දී ශ්‍රී ලංකාව ලකුණු 322 ක් ලබා සිටීමේ තත්ත්වය සම්පූර්නයෙන් අමතක කර තමන්ගේ දුර්වලතාවයට අවධානය යොමු කර එය වළකා ගන්නේනම් සිංගප්පූරුවට එරෙහිවද විශාල ජයග්‍රහණයකට යමින් අවසාන තරග පූර්ව වටය සහ අවසාන තරගය යන කඩඉම් ඉතා පහසුවෙන් සහ විශ්වාසයෙන් ජයග්‍රාහී ලෙස පසුකර යාමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා හිටපු ජාතික පුහුණුකාරිය වන තිලකා ජිනදාසගේ මග පෙන්වීම මත නැගී සිටින ආසියාවේ අලුත්ම දැල්පන්දු වීරවරියන් වීමේ සුභ ලකුණු පළකරන බෘනායි කණ්ඩායම ඊයේ ආසියාතික යොවුන් දැල් පන්දු කිරීටයේ උරුමක්කාරියන් වන මැලේසියාව වෙතින් ලකුණු 50 - 19 ක පරාජයක් ලැබුවා.
www.supirikrida.com

No comments: