Jul 4, 2013

චන්ද්‍රිකා පිළිබද බලාපො‍රොත්තු වතුරේ

මෙවර ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු අතර සිටි චන්ද්‍රිකා සුභාෂණිට මීටර් 400 ඉසව්වේදී හිමි වූයේ අවසාන ස්ථානය ය.මෑත කාලයේ ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් පසු ඇය සහභාගි වූ පළමු විදේශ සංචාරය මෙය වූ අතර නියමිත පරිදි සෞඛ්‍ය තත්ත්වය යෝග්‍ය මට්ටමට වැඩී නොතිබුණි නම් ඇය මෙම සංචාරයට එක් නොවිය යුතුව තිබිණ.එසේම මලල ක්‍රීඩා බලධෘරීන් මෙන්ම ඇයගේ පුහුණුකරුවන් ද ඒ පිළිබදව අවධානය යොමු කළ යුතුව තිබුණු අතර එසේ නොවීමෙන් වූයේ එම ඉසව්වේ සිටින ආසියාවේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන ඇයට මීටර් 400 ඉසව්වේ ඇයගේ දක්ෂතා හා සසැදිය නොහැකි තරමේ කාලයක් වන තත්පර 56.88 ක කාපයක් එම ඉසව්ව වෙනුවෙන් දැරීමට සිදු වීමය.
මේ අතර ජානි චතුරංගි ද ඊයේ සිය මූලික තරගයේදී තෙවන ස්ථානය දිනා ගත් අතර පළමු දින දෙක තුළ පැවති තරග සළකද්දී මූලික තරගයක දී හෝ පළමු තිදෙනා අතර සිටීමට හැකි වූ එකම ලාංකේය නියෝජනය ඇය විය.ඇය අවසාන තරගයේදි මැලේසියානු ක්‍රීඩිකාව නීති විරෝධි ලෙස තරග වැදීම නිසා අවසන්නා නොවී ගැලවුණු අතර,කෙසේ නමුත් ඇය හත් වැන්නා වුව ද තත්පර 11.76 ක් වාර්තා කරමින් කැපී පෙණුනාය.
සංචාරයට ඉදිරිපත් වී සිටින නිල මඩුල්ල අතර පදක්කම් බලාපො‍රොත්තුවක් ලෙස හැදින්විය හැකි ඩබ්කේඑල්ඒ නිමාලි ගේ පුහුණුකරු නොවිම පිළිබදව මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ විමතිය පළ වන්නේ කිසිදු ක්‍රීඩකයෙකු තරග නොවදින අයද මෙම සංචාරයට එක් වී සිටින බැවිනි.එසේම ඉන්දියාවෙන් ලැබෙන ඇතැම් ආරංචි මාර්ග වලින් සදහන් වන ආකාරයට වෛද්‍යවරයෙකු කණ්ඩායමේ නොමැති වීම ගැටළුකාරි තත්ත්වයක් වී ඇති අතර සිය පුහුණුකරු ගේ සහභාගීත්වය ද අහිමි වී සිටින නිමාලි යම් රෝගී තත්ත්වයකට ගොදුරු වි ඇති අතර ඒ සදහා ප්‍රතිකාර සදහා වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නිලධාරීන් දින දෙකක පමණ කාලයක් වැය කර ඇත.
www.supirikrida.com

No comments: