Jul 3, 2013

ඉන්දියාවට බෘනායි ප්‍රහාරයක්

 බෘනායි හී පැවත්වෙන ආසියාතික යොවුන් දැල් පන්දු කුසලානය සදහා වන තරගාවලියේ කාගෙත් අවධානයට ලක් වී සිටින ආසියාවේ නව දැල් පන්දු අභියෝගය බවට ලියලා වැඩෙමින් තිබෙන බෘනායි කණ්ඩායම තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ දැල් පන්දු සංස්කෘතියක් ඇති ඉන්දීය කණ්ඩායමට ඊයේ 56 - 30 ක පරාජයක් අත් කර දෙන්නට සමත් වුණා.ශ්‍රී ලංකාවේ හිටපු ජාතික දැල් පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාසගේ මග පෙන්වීම යටතේ දෙවසරක ඇවෑමෙන් විශාල ලෙස දක්ෂතා වර්ධනය කර ගෙන ඇති බෘනායි කණ්ඩායම ඉකුත් ආසියාතික තරගාවලියේදී ද කාගේත් අවධානය දිනා ගත්තා.
බෘනායි දේශයේ දැල්පන්දු පිබිදීමට හේතු පාදක වූ චරිතය ලෙස බෘනායි වැසියන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටින තිලකාගේ දායකත්වය නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට ද මෙම තරගාවලියේදී විශාල පිළිගැනීමක් හිමි වී ඇති අතර එම නිසා ශ්‍රී ලංකාව සහභාගි වන තරග වලදී විශාල ප්‍රේක්ෂක දිරි ගැන්වීමක් සහිතව තරග කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි ව තිබෙනවා.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පාලකයන්ගේ අමනෝඥ ක්‍රියා නිසා මෙරටට අහිමි වූ තිලකා සිය හැකියාව මේ වන විට ප්‍රායෝගිකව ලෝකය ඉදිරියේ පෙන්වමින් සිය වෘත්තීය ස්ථාවරය ජාත්‍යන්තර මට්ටමෙන් සළකුණු කරමින් තිබෙන අතර මේ තත්ත්වය සිදු වූ වරද නිවැරදි කර ගැනීමට හැකියාව ඇත්දැයි සළකා බැලීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලකයන්ට ලැබුණු හොද අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.
www.supirikrida.com

No comments: