Jul 2, 2013

මධ්‍යම ආසියාතික උප කලාපීය වොලිබෝල් තරග හෙට සිට ලංකාවේ දී

ධ්‍යම ආසියාතික උප කලාපීය තරග හෙට (3) සිට  05 දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්‍වීමට කටයුතු යොදා ඇත.2014 ලෝක කුසලාන වොලිබෝල් තරගාවලිය සදහා කලාපී ය සුදුස්සන් තේරීමේ තරගාවලියේ මූලික වටයේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මක වේ. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ සමාරම්භක උත්සවයට 3 දා පස්වරු ‍2.00 ට එක් වීමට නියමිත අතර,එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා,ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි යන අය එක් වීමට නියමිතය.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව මංගල තරගයට සත්කාරක ශ්‍රී ලංකාව සහ මාල දීවයින ද,එම දිනයේ දෙවන තරගය ලෙස ඉන්දියාව සහ පකිස්තානයද තරග වදියි.ජගත් තලයේ වොලිබෝල් සිහින තුරුළු කර ගෙන සිටින ක්‍රීඩා බලධාරීන්ට  පළමුවර ලාංකේය වොලිබෝලය දකුණු ආසියාව ජය ගත යුතුව ඇතැයි යන සිහිනය සැබෑ කර ගන්නට මේ තරගාවලිය පුරා දකුණු ආසියාතික මට්ටමේ කණ්ඩායම් වලට දෙන අභියෝග්‍ය වනු ඇත.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සමීර දිසානායක යටතේ තරග බිමට පිවිසෙයි.
www.supirikrida.com 

No comments: