
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පෙර පෙළ ශක්තිය මොට කිරීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් සිංගප්පූරුවට නොතිබුණු අතර ඒ හේතුවෙන් සිංගප්පූරු බාධක බිද 63 වතාවක් එම දැල ආක්‍රමණය කිරීමට ශ්‍රී ලංකා දැල විදින්නියන්ට හැකි විය.ඊට පිළිතුරු ලෙස සිංගප්පූරුවට රැස් කර ගත හැකි වූයේ ලකුණු 40 ක් පමණි.
අවසාන පූර්ව තරග වලදී ශ්‍රී ලංකාවට හොංකො සමග තරග වැදීමට සිදු වන අතර පවතින තත්ත්වය පැහැදිළි කරන්නේ නැවත වතාවක් ආසියානු යොවුන් සූරතාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අවසන් තරගයක් එනු ඇති බවය.නමුත් අවසාන පූර්ව තරගයේදී මැලේසියාවට හමු වන සිංගප්පූරුව යම් පෙරළියක් කරන්නට සමත් වූව හොත් ශ්‍රී ලංකාවට අවසාන තරගයේදී සිංගපුපූරුව හමු වීමට සිදු විය හැකිය.හොංකොං සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී මේ දක්වා තරගාවලියේ ප්‍රදර්ශණය වූ දත්ත සළකද්දී මහා ප්‍රාතිහාර්යයක් සිදු නොවුණහොත් ශ්‍රී ලංකාව ජය ගැනීම ඒකාන්තය.
www.supirikrida.com
No comments:
Post a Comment