Jul 3, 2013

ලංකාවේ වොලිබෝලයේ පෝලන්ත ගමන තීරණය කරන තරගාවලිය අද අැරඹේ

පෝලන්තයේ 2014 වසරේ පැවත්වීමට නියමිත ජගත් කුසලාන වොලිබෝල් තරගාවලියේ දෙවන කොටසේ තරග සදහා සහභාගි වන මධ්‍යම ආසියානු උප කලාපීය කණ්ඩායම් දෙක කවරේද යන්න තීරණය කරන තරගාවලිය අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලංකාව,ඉන්දියාව,පකිස්තානය සහ මාල දිවයින සහභාගි වන මෙම තරගාවලිය අරඹමින් පළමු තරගය ලෙස අද පස්වරු 3.30 ට ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර තරගය ඇරඹිමට නියමිතයි.
පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයවන් දැක් වූ දක්ෂතා අනුව මෙම තරගාවලියෙන් පෝලන්තයේ පැවත්වෙන ජගත් වොලිබෝල් කුසලාන තරගාවලියේ දෙවන වටය සදහා පිවිසීමට ලංකාවට පළමු වරට ඉඩ ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා පෙන්වා දෙන්නේ ඒ සදහා වන වාතාවරණය වඩාත් යහපත් කිරීම සදහා තරගාවලිය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා ද කටයුතු කළ බවය.සති තුනකට පමණ පෙර තරගාවලිය ලබා ගැනීමෙන් අනතුරුව ඊට අනුග්‍රාහකයෙකු සෙවීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අවසානයේ එම වගකීම ක්‍රීඩා අමාත්‍යංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංහය විසින් බෙදා ගන්නට යෙදුණ බව පැහැදිළි කළේය.

No comments: