Jul 5, 2013

සච්ත් මධුරංගට නව ශ්‍රී ලංකා වාර්තාව සමග රිදී පදක්කමක්

ශ්‍රී ලංකා හෙල්ල වීසි කිරීමේ සූර සචිත් මධුරංග නව ශ්‍රී ලංකා වාර්තාව්ක් (මීටර් 79.76) ක් සමග ආසියානු මලල ක්‍රීඩා ෂූරතාවලියේ පදක්කම් සටහන ක්‍රියාත්මක කරන්නට සමත් විය.දින දෙකක් ගෙවෙන තැන ශ්‍රී ලංකා පදක්කම් සටහනට කිසිදු පදක්කමක් හිමි වී නොතිබුණු අතර සචිත් පළමු පදක්කම දිනා දෙමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් වූ නමුදු,ඔහු මහත් බලාබොරොත්තුවෙන් සිටි මීටර් 80 සීමාවට පිවිසි පළමු ලාංකේය ක්‍රීඩකයා වීමේ බලාපොරොත්තුව තව දුරටත් කල තැබීමට සිදු විය.සචිත් ශ්‍රී ලංකා වාර්තාව කිහිප වරක් අලුත් කරමින් දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ පින්ලන්තයේ ක්‍රියාත්මක හෙල්ල වීසි කිරීමේ පුහුණු විද්‍යාලයේ මේ වන විට දෙවන වරටත් වැඩි දුර පුහුණුව ලබමින් සිටින අතර විදේශ තරග වලදී යම් අසාර්ථක බාවයක් පෙන්නුම් කරමින් සිටි හෙතෙම මෙම තරගාවලියට එක් වීමට දින කිහිපයකට පෙර පින්ලන්තයේ පැවති හෙල්ල වීසි කිරීම සදහාම වෙන් වූ මලල ක්‍රීඩා සංදර්ශණයක දී විදේශ රටක දක්වන ලද ඉහළම දක්ෂතාවය දක්වමින් දක්ෂතා අතරට පිවිසි අතර එම ජයග්‍රහණයෙන් පසුව මෙම තරගයේදී ඔහු පදක්කමක් දිනිය හැකි බවට සුපිරික්‍රීඩා වෙත අදහස් පළ කළේ  දැඩි විශ්වාසයකිනි.තරගයේ ජයග්‍රහණය හිමි වූයේ උස්බෙකිස්තානයේ ඉවාන් ෂෙසෙව් ය.ඔහු සචිත්ට වඩා සෙන්ටි මීටර් 14 ක (79.76) දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.
මේ අතර ශ්‍රී ලංකාවේ මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික වාර්තාලාභිණිය වන එරංගා දුලක්ෂි සහභාගි වූ එම ඉසව්ව නව උළෙල වාර්තාවක් සමග ජය ගන්නට බහරේනයේ රූත් ජෙබේට් සමත් වූවාය.ඇය විනාඩි 9:40.84 ක ඉහළ දක්ෂතාවයක් දක්වමින් ජය ගැනීමට සමත් වූ අතර එරංගා ඉසව්වේ පස් වන ස්ථානයට පත් වූයේ විනාඩි 10:18.39 කින් එම ඉසව්ව නිමා කරමින්ය.
www.supirikrida.com

No comments: