Dec 14, 2012

Gay Games 2018 සදහා ලන්ඩනයත් සටනට

ලොව විශාලතම ක්‍රීඩා සහ සංස්කෘතික සැණකෙළිය ලෙස පිළිගැනෙන Gay Games 2018 පැවත්වීම සදහා මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල පැවත් වූ භූමිය යොදා ගැනීම සදහා මේ වන විට ඒ සදහා උත්සාහ දරන පැරිස්,ඇමස්ටර්ඩ්‍රෑම්,ලිම්රික් සහ ඔර්ලන්ඩෝ යන නගර සමග තරගයට පිවිසීමට සූදානම් වී ඇත.
පිරිමි සහ කාන්තා සම ලිංගිකයන්,ද්වී ලිංගිකයන් මෙන්ම ලිංග විපර්යාස සදහා යොමු වූවන් අතර පැවත්වෙන මෙම  සැණකෙළිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රංගනයේ,නර්තනයේ සහ සංගීතයේ නිපුනතා ඇති විශාල පිරිසක් රටවල් 70 ක සහභාගීත්වයෙන්  එක් වන බැවින් මෙය විශාලතම ක්‍රීඩා සහ සංස්කෘතික සැණකෙළිය බවට පත්ව තිබේ.
විවිධ වූ ලිංගික චර්යාවන්ට ගරු කෙරෙන සහ පිළිගැනෙන සමාජ ක්‍රියාකාරීන් LGBT ( lesbiangaybisexual, and transgender) ලෙස හදුන්වන විෂම ලිංගිකත්වයන් වෙනුවෙන් කරන මෙම ක්‍රීඩා උළෙල 1982 වසරේදී ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ හී දි ඇරඹී ඇත.වසර හතරකට වරක් පැවත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ 8 වැන්න 2010 දී ජර්මණියේ Cologne හී දී පැවති අතර ඉදිරි තරගාවලිය 2010 දී ඇමෙරිකාවේ Cleveland හී දී 12,000 ක ගේ පමණ සහභාගීත්වයෙන් පැවත්විමට නියමිතය.
ලන්ඩනය තරග වදින්නේ 2018 දී මෙම තරගාවලියේ 10 වැන්න දිනා ගැනිම සදහාය.මේ සදහා සම ලිංගිකයන් පමණක් නොව විෂම ලිංගිකත්වයන් සදහා ගරු කරන සහ එහි නිදහස භුක්ති විදින්නන්ගේ නිදහසට ගරු කරන පිරිස් ද දායකත්වය දක්වන අතර විශේෂයෙන් මෙම තරග උළෙල මේ වන විට රටවල් 70 ක සහභාගීත්වයෙන් පැවත්වේ.ඡායාරූපයේ දැක්වෙන්නේ Cologne හී පැවති 8 වන Gay Games හී  අවස්ථාවකි.2018 තරගාවලිය පැවත්වීම සම්බන්ධයෙන් තීරණය 2013 පෙබරවාරි මස 23 දා ගැනීමට නියමිතව ඇත.
www.supirikrida.com

No comments: