Dec 9, 2012

පුහුණු තරගයට ලකුණු වැස්සක්

Tillakaratne Dilshan brings up his centuryශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ තෙදින පුහුණු තරගය පිතිකරුවන්ගේ ලකුණු වැස්සකින් සමන්විත විය.කැන්බරා හී පිහිටි මැනුකා ඕවල් තණතීරුවේ කාසියේ වාසිය සමග පළමුව පන්දුවට පහර දීමට පිවිසි ඕස්ට්‍රේලියානු සභාපතිගේ කණ්ඩායම ලකුණු 439 ක් ලබා ගත්තේ කඩුලු හයක් පමණක් දැවෙද්දී ය.ඒ සදහා ස්කොට් හෙන්රි නොදැවී රැස් කළ ලකුණු 207 ක දායකත්වය සහ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 77 කින් ලැබූ ලකුණු 91 ද ඇතුළත් විය.ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මෙම තණතීරුව තුළ සාර්ථක වීමට අවකාශයක් නොලැබුණු අතර ධම්මික ප්‍රසාද් කඩුලු 2 ක් ලකුණු 128 ට දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ද ලකුණු පිරි තණතිල්ලෙන් උපරිම පල නෙලා ගනිමින් පළමු කඩුල්ල ට ලකුණු 105 ක් එක් කළ අතර ප්‍රවේගකාරී දිමුත් කරුණාරත්න නුහුරු සංයමයකින් යුතුව කල්පනාකාරී ලකුණු 40 ක් ලබා ගත්තේය.තිලකරත්න ඩිල්ෂාන් වේගවත් තණතීරු වල ලකුණු සදහා ඇති සිය හැකියාව යළිත් අවධි කළ ලකුණු 101 ලැබ ඉණිම අත්හිටුවීය.ප්‍රසන්න ජයවර්ධන ලකුණු 71,මහේල ජයවර්ධන ලකුණු 55 සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 57 ලෙස අර්ධ ශකත අතරට පිවිස දස්කම් දැක්වීය.
ලකුණු විස්තරයට ප්‍රවේශවිය හැකි සබදතාවය පහත දක්වමි.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/match/573010.html

www.supirikrida.com

No comments: